(අංජුල මහික වීරරත්න)
චීන සමාගමකින් කාබනික පොහොර මිල දී ගැනීම සම්බන්ධව පැන නැගී ඇති ගැටළුව දෙරට අතර සුහදතාව රැකෙන පරීදි සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට තීරණය කළ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
මෙම මස 19-22 දක්වා ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත එක්සත් ජාතින්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ 37 වන ආසියා පැසිපික් කලාපීය සමුළුවට සහභාගී වීමට නියමිත මහජන චීන රජයේ කෘෂිකර්ම හා ග්‍රාමීය කටයුතු කටයුතු පිළිබඳ උප අමාත්‍ය Ma Youxiang මහතා ඇතුළු නියෝජිත පිරිස සමග සාකච්ඡා කොට ගැටලු නිරාකරණය කර ගැනීමට ද තීරණය කෙරුණු බව කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්තය අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
චීන කාබනික පොහොර සමාගම සහ රාජ්‍ය පොහොර සමාගම් දෙක අතර ඇතිකරගත් අධිකරණ සමථය ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ගැටළු නිරාකරණය කිරීමටත් දෙරට අතර මිත්‍ර සබඳතා පළුදු නොවන අයුරින් සහ ලාංකික ගොවි ජනතාවගේ යහපත උදෙසා පියවර ගැනීමටත් තීරණය වී ඇත.
චීන නියෝජිතයන් සමග පැවැත්වෙන මෙම සාකච්ඡාවට විදේශ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා ඇතුළු විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්ට ආරාධනා කිරීමට පියවර ගන්නා ලෙස ද කෘෂිකර්ම අමාත්‍යවරයා අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
කාබනික පොහොර ගනුදෙනුව නිසා ඇතිව තිබෙන ගැටලු සහගත තත්ත්වයට විසඳුමක් ලබා ගැනීම සඳහා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මෙම තීරණ වලට එළැඹිණි.
2025 දෙසැම්බර් මස 18
176
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
155
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
960
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හොඳ හිත රැකෙන විදියට චීන පෝර ගැටලුව විසඳන්න තීරණයක්
True cEYLON Thursday, 08 February 2024 11:02 AM
හොඳ වැඩක්.මහින්දානන්ද රාජපක්ෂ රකින්න හදනවා.....චීන ජරාව වහන්නේ රනිල් රාජපක්ෂ
පිටරටවැසියා Thursday, 08 February 2024 11:22 AM
කොහොම විසඳුවත්, පාඩුව අපටයි. එක අපේ බදු මුදලින් තමයි, ගෙන්නපු ඈයෝ සැපට ඉදීවි, මේ ලඟකදී එතුමාව රාජ්‍ය ඇමති කමකින් නැවතත් පිදුම් ලැබුවා !!!
lankaputha Thursday, 08 February 2024 11:27 AM
මහින්ද අමරවීර ලොකු ගානක් හොයන්න මහන්සි වෙනවා... තවත් මහින්ද...
අරවින්ද මොනරවිල Thursday, 08 February 2024 12:10 PM
මහින්ද අමරවීර දැන් තමයි වැඩ කරන්න ඕනා කියලා මතක් වෙලා තියෙන්නේ. අසුචි පොහොර නැවේ ප්‍රශ්ණය විසදන්න, වගා කරන්න ඩ්‍රෝන තාක්ෂණය ගෙනෙන්න. වැඩි අස්වැන්නක් තියෙන බීජ හදුන්වා දෙන්න වගේ කප්පරක් වැඩ. ඊළග චන්දයෙදී හැත්ත බුරුත්ත පිටින් හේදිලා යවන බව දැනගෙන ඉන්න නිසා....