IMG-LOGO

2024 මැයි මස 11 වන සෙනසුරාදා


හන්තානේ ගණිකා මඩමක් වටලයි

(ෂේන් සෙනෙවිරත්න )

හන්තාන ප්‍රදේශයේ සුවිසල් නිවසක් තුළ මව සහ දියණිය විසින් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි .

එම ගණිකා මධ්‍යස්ථානයේ කළමනාකාරිණීය ලෙස දුව කටයුතු කොට ඇති අතර මුදල් අයකැමි ලෙස මව කටයුතු කොට ඇති බව පවසන පොලිසිය ඔවුන් ගලෙන් බිඳුනු වැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවද කියයි .

ලද තොරතුරකට අනුව මෙම ගණිකා නිවාසය පිළිබඳව සති දෙකක කාලයක් පොලිස් නිලධාරීන් ආවේෂණ රාජකාරිවල නිරතව සිට රුපියල් 5,000ක මුදලකට උපාය දූතයෙක් යොදවා ගණිකාවක මිලදී ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ .

 

 



අදහස් (14)

හන්තානේ ගණිකා මඩමක් වටලයි

කමල් Sunday, 28 April 2024 10:34 AM

හන්තානේ කඳු මුදුන සිසාරා.. ගණිකා වෘත්තිය නීතියට ප්‍රශ්නයක් නැත. එහෙත් ගණිකා ව්‍යාපාරය නීත්‍යානුකූල නොමැත... (සුද්දගේ කාලේ නීතියකින්). එම නිසා ව්‍යාපාරයක් පවත්වාගෙන යාම සහ ව්‍යාපාරය පවත්වාගෙන යාමට උදව් කීරිම යටතේ පමණක් අත්අඩංගුවට ගැනීම සහ දඩ නියම කිරීම (රුපියල් 50ක් හරි 100ක් හරි) සිදුකරන අතර ගණිකා වෘත්තිය තනියම කරගෙන යන්නේ නම් ව්‍යාපාරයක් නොවන බැවින් වැළැක්විය නොහැකිය. දුප්පත්කමට සිදු කරන මෙම වෘත්තීය අත්අඩංගුවට ගැනීම හරහා බලාපොරොත්තුවන්නේ කුමක්ද යන්න පැහැදිලි නැත. නූතන වහල් සේවය සිදුකරන ඇඟලුම් අංශය සේවය කර තම එදිනෙදා අවශ්‍යතා වන නිවාස, වාහන වැනි අවශ්‍යතා සඳහා සෑම කෙනෙකුටම මුදල් උපයා ගැනීමට හැකිද යන්න සැක සහිතයි.

:       28       22

ජගත් ලියනගේ Sunday, 28 April 2024 11:16 AM

මිනිස්සුන්ට තමන්ගේ අවශ්‍යතා ඉටු කරා ගන්න විදිහක් ඕක... ඕවා නවත්තන්න යන්න එපා...

:       9       25

Vithana Sunday, 28 April 2024 11:21 AM

එකමිටේ දෙන්නෙක් වෙන්න ඇති. එක මිටේ ගණිකා සේවය ආවොත් මේ රටේ පවුල් ආරාවුල් වැඩිවෙලා පවුල් අවුල් වෙලා බිරිඳට සියලු වැඩ පැත්තක තියලා තමුන්ගේ ස්වාමියාව ආරක්ෂා කරන්න යන්න වෙයි.

:       21       9

ෆස්රුල් ගෆූර් - කටාර් Sunday, 28 April 2024 11:27 AM

මහනුවර කියන්නේ සුන්දර නගරයක් මෙන්ම ඒ සුන්දර නගරයේ ජීවත් වන මිනිසුන්ද අතිශයින්ම සුන්දරයි. ඉතාමත් ආඩම්බරයෙන් කියන්න කැමතියි... ලංකාවේ විවිධ නගරවල දෛනිකව සිදුවන නීතිවිරෝධී කටයුතු අතුරින් මහනුවර නගරයේ එවැනි දේවල් ඇසෙන්නට ලැබෙන්නේ ඉතාමත් කලාතුරකින්... ඉතින් ඒ සුන්දර නගර වැසියෙක් හැටියට මම මේ ප්‍රවෘත්තිය කියවා ටිකක් ලජ්ජාවට පත්වුණා... නමුත් මේ ගණිකා මධ්‍යස්ථානය පවත්වාගෙන ගිය සැකකාරියන් ගලෙන්බිඳුනුවැව ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බව මහනුවර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය කියයි. නුවර අය එහෙම නෑ කියලා තහවුරු වීම ඉතාමත් සතුටට කරුණක්...

:       29       10

uda rata Sunday, 28 April 2024 02:13 PM

ඔව් කස්ටමර්ස්ල එන්නත් ඇත්තේ ගොඩක් ඈත පළාත් වලින් නුවර මිනිස්සු එහෙම නෑ .

:       2       22

chinthakaSunday, 28 April 2024 03:48 PM

නුවර මිනිස්සුන්ට වැඩේ කරන්න යන්තරේ නැහැ. ඒක නිසා යන්තර තියෙන පිට මිනිස්සුන්ව ආනයනය කරනවා නුවරට...! 

:       1       15

NuwanTuesday, 30 April 2024 06:03 AM

මාලිමාවට ජයවේවා ගණිකා වෘත්තිය නීති ගත කරන්න ශක්තිය ලැබේවා

:       0       0

KASUN Sunday, 28 April 2024 11:36 AM

ආණ්ඩුව සහා රාජපක්ෂවරුන් මුදල් දීලා වහල් බයියන් පිරිසක් සූදානම් කරලා තියන බව රාජපක්ෂ වරුන්ට සමීප ඔත්තුකරුවෙක් ඔත්තුවක් ලබා දී ඇත. මෙයින් ඔවුන් කරන්නේ රජයට සහ රාජපක්ෂ කල්ලියට විරුද්ධ කමෙන්ට් සහ පෝස්ට් අන්ලයික් කර ඒවාට පොදු ජනතාව මෙන් රජයට සහ රාජපක්ෂ කල්ලියට සහයෝගය දෙන ආකාරයට රිප්ලයි කිරීම. තවද , FACEBOOK, INSTRA , YOUTUBE වැනි සමාජ මාධ්‍ය PAGE සහ GROUP භාවිතා කරමින්ද මෙම ප්‍රචාරය සිදුකරයි. පොදු ජනතාව අවධානයෙන් සිටින මෙන් ඉල්ලා සිටිමු.

:       14       7

Krishan Sunday, 28 April 2024 11:42 AM

ගණිකා වෘත්තියේ යෙදෙන්නේ ඇයි කියා පළමුව සොයාබැලිය යුතුයි. පවුල්වල ප්‍රශ්න නම් ආර්ථික ප්‍රශ්න නම් එවාට ලංකාවේ තිබෙනවා කාන්තා කටයුතු අමාත්‍යාංශය විවිධ කාන්තා සංවිධාන ඒවා මාර්තු 08ට විතරක් එළියට ඇවිත් වැඩක් නැහැ... ඒවා මුල්වෙලා එම කාන්තාවන් ගණිකා සේවයෙන් මුදවා ගන්න වැඩපිළිවෙළක් සකස් කරන්න ඕනෑ.. අනික ගණිකා වෘත්තිය තනි තනිව යෙදීමට වුවද අත්අඩංගුවට ගත නොහැකියි. දණ්ඩන මුදල රුපියල් 50ක්... එය යම් ආයතනයක් ලෙස පවත්වාගෙන යාමට එම දණ්ඩන මුදල ලක්ෂ 10 ක් දක්වා වැඩිකළ යුතුයි. එවිට ගණිකා මඩම් හතු පිපෙන්නාක් මෙන් ඇතිවි තිබෙන එවා වැසීයනු ඇති... එම දණ්ඩන මුදල එහි හිමිකරුගෙන් එක් ගණිකා වෘත්තියේ යොදවන අයෙකුට ලක්ෂ 10ක් ලෙස අයකළ යුතුයි.. ඒ වගෙම ස්පා සඳහා නිසි නියාමනයක් නොමැත..

:       2       12

ajith Sunday, 28 April 2024 02:25 PM

ලිංගික පහස ලබා ගැනීම, කෙනෙක් හෝටලයකට ගොස් කෑම වේලක් ගැනීම වැනි ශාරීරික අවශ්‍යතාවක්. එබැවින්, මෙවැනි දේ වර්තමානයේදී නීතිගත කළ යුතුයි...

:       3       21

Kumar Sunday, 28 April 2024 08:10 PM

ලිංගාශ්‍රිත රෝග ගැන කවුරුත් ගණන් ගන්නේ නැද්ද? මෙය කලත්‍රයෙකුට HPV සම්ප්‍රේෂණය කිරීමේ එක් ක්‍රමයකි.

:       0       0

nimal Sunday, 28 April 2024 09:31 PM

කරුණාකර එම ආවේෂණ රාජකාරිවල නිරත පොලිස් නිලධාරීන්ට පොලිස් කොත්තු සහ කිඹුල් බනිස් ලබා දෙන්න

:       0       0

Thirimamuni Monday, 29 April 2024 12:11 PM

ගණිකා වෘර්තිය නීතිගත කරා කියලා ප්‍රශ්න විසඳෙන්නේ නෑ. HIV හැදෙනවා කොහොමත්. ආර්ථික ප්‍රශ්නෙට විසඳුම මේක නෙමෙයි. කරන්න මොනවද නැත්තේ ගැහැණු අයට.නමුත් ආර්ථික ප්‍රශ්නෙට වඩා මෙතන තියෙන්නේ වෙන අරමුණක්. තවත් කවුරුහරි මේකට සම්බන්දයක් තියෙනවා.

:       0       0

Bamunuarachchi Tuesday, 30 April 2024 10:50 PM

ලැයිසෝන් හම්බවෙනකම්වත් ඉන්න බැරිඋනාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලොරි - කැබ් අනතුරින් කතක් මරුට: 9කට තුවාල
2024 මැයි මස 11 85 0

විවාහ මංගල්‍යයකට සහභාගී වී නැවත නිවෙස් බලා යමින් සිටි පිරිසක් රැගත් කැබ් රථයක් සහ ලොරි රථයක් දඹුල්ල දිගම්පතහ අතරමැදී කඳවුර ආසන්නයේදී ඊයේ (10) රාත්‍රීය


මළමිනී පිටේ බැඳන් යන බෝඩා බෝඩා
2024 මැයි මස 11 635 0

අප්‍රිකා රටවල කුලී රථ ලෙස බහුලව ඇත්තේ යතුරුපැදිය. කොංගෝ රාජ්‍යයේ මෙම යතුරුපැදිකරුවන් හැදින්වෙන්නේ බෝඩා බෝඩා යන නමිනි.


පොලිසියෙන් කට්ටි පනින්න ගිය යතුරුපැදිකරු අනතුරින් මරුට
2024 මැයි මස 11 235 0

යාපනය පුන්නාලේ කට්ටුවාන් ප්‍රදේශයේදී සැක යතුරු පැදියක් පිටුපස පොලිසිය ලුහුබදිමින් ගිය අවස්ථාවේ පොලිසිය මඟහැර යාමට උත්සහ කළ යතුරුපැදි කරුට යතුරු පැ


මන්ත්‍රී සැප වාහන බලපත්‍ර නවතී?
2024 මැයි මස 11 529 0

පාර්ලිමේන්තු මන්ත්‍රීන්ට තීරු බදු රහිත වාහන බලපත්‍රය ලබාදීමේ තීරණය සාකච්ඡා පසුවට කල් තැබීමට තීරණය කර ඇතැයි දැනගන්නට ඇත .


සවස දෙකෙන් පසු තැනින් තැනට තද වැසි
2024 මැයි මස 11 73 0

දිවයිනේ බොහෝ පළාත්වලට පස්වරු 2.00 පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.


සරසවි සිසුන්ට පහරදුන් සිසුන් පහක් අල්ලයි
2024 මැයි මස 11 294 0

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ගල්පිට්ටනිය තුළදී එම විශ්වවිද්‍යාලයේ සහ කැලණි විශ්ව විද්‍යාලයේ සිසුන් තිදෙනකුට පහර දුන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වව


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 592 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2087 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1823 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site