IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි

(අංජුල මහික වීරරත්න)

කොළඹ ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය පවරා දීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

විවිධ දක්ෂතා දක්වන ක්‍රීඩකයන් රැසක් සිටින කොළඹ ඉසිපතන විද්‍යාලයට ක්‍රීඩා පුහුණුවීම් සඳහා ස්ථිර ක්‍රීඩා පිටියක් නොමැති වීම එම ක්‍රීඩාවන්හි නියැලෙන ක්‍රීඩකයන්ගේ දක්ෂතා වැඩිදියුණු කිරීමට ඉමහත් බාධාවක්ව  ‌පවතින බව රජය පවසයි . 

එබැවින් කොළඹ මහ නගර සභාව සතු හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලයීය ක්‍රීඩා කටයුතු සඳහා යොදා ගැනීමට 2016 වර්ෂයේදී දෙපාර්ශ්වය අතර ගිවිසුමකට එළඹ ඇති අතර, එකී ගිවිසුමේ කාලසීමාව 2017 වර්ෂයේදී අවසන් වී තිබේ. 

හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම මඟින් එය නිසියාකාරව වැඩිදියුණු කොට පවත්වා ගෙන යා හැකි අතර, එමඟින් එම විද්‍යාලයේ හා අවට පාසල්වල දරුවන්ගේ සහ ප්‍රදේශයේ ජනතාවගේ ක්‍රීඩා කටයුතු සඳහා ඵලදායී ලෙස යොදා ගැනීමට අවකාශය සැලසෙනු ඇත. 

ඒ අනුව හෙන්රි පේද්‍රිස් ක්‍රීඩාංගනයේ නාමය එලෙසම පවත්වාගෙන් යමින් එකී ක්‍රීඩාංගනය ඉසිපතන විද්‍යාලය වෙත පවරා දීම පිණිස ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (1)

හෙන්රි පේද්‍රිස් පිටිය ඉසිපතනයට දෙයි

Chinthaka Tuesday, 02 July 2024 12:52 PM

කොහොම වුණත් වරදක් නැහැ දෙනවා නම් පවතින නම කිසිදාක වෙනස් නොකළයුතු බවට කොන්දේසියක් ඇතුළත් කිරීම කරන්න ඕන වාහන නැවතුම්පොළ පුද්ගලික අංශයේ ලාභ ප්‍රයෝජන සදහා නිකරුණේ දීලා තියෙද්දි ක්‍රීඩා පිටියක් දරුවන්ට ප්‍රයෝජනයට දීම ඉතාමත් හොදයි

:       0       24

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 555 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 277 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site