(ෂේන් සෙනෙවිරත්න)
හන්තාන කන්ද තරණය කිරීමට පැමිණි ජවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සහ මීපේ විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වීම හේතුවෙන් සිසු සිසුවියන් 42 දෙනකු මහනුවර ජාතික රෝහලට ඇතුළත් කොට තිබේ .
රෝහල්ගත කළ සිසුන් අතර සිසුවියන් 15 දෙනකු සහ සිසුන් 27 දෙනකු සිටින බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි .
එම සිසුන් ඊයේ (01) දහවල් හන්තාන කඳු තරණයට එක්ව ඇති අතර සවස් කාලයේ බඹර ප්‍රහාරයට ලක්ව තිබේ .
පොලිස් හදිසි ඇමතුම් අංශයට ලැබුණු පණිවිඩයකට අනුව පොලිස් සෝදිසි මෙහෙයුම් ආරම්භ කොට යුද හමුදාව සහ ප්‍රදේශවාසීන් එක්ව සුවසැරිය ගිලන් රථ මගින් තුවාලකරුවන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබේ .
මෙම හන්තාන තරණය සඳහා සිසු සිසුවියන් 275 දෙනකු සහ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ සිසු සිසුවියන් 64 දෙනකු එක්ව තිබූ අතර තුවාල ලැබූ සිසු සිසුවියන් හැර අනෙකුත් සිසුන් ඔවුන් පැමිණි බස් රථ වලින්ම ආපසු ගම් බිම් බලා පිටත් කරවීමට පොලිසිය කටයුතු කොට තිබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර මූලස්ථාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි .
2025 දෙසැම්බර් මස 18
504
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
261
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හන්තාන නැග්ග සරසවි සිසුන් 42 රෝහලට
Jagath Wickramasekara Sunday, 02 July 2023 11:21 AM
හෙට ඔබලා බනින්න... අර පොලිසියේ මිනිසුන්ට අට පාස් කියලා...
ලුම්බිණි Sunday, 02 July 2023 11:31 AM
බැරි වැඩ නොකර ඉන්න. ඔය ගොල්ලන් පේරාදෙණියේ නොවෙයිනේ...
සාධාරණ කොටාSunday, 02 July 2023 02:59 PM
හන්‍තාන නගින්න පේරාදෙණියේම වෙන්න ඕනෑද? වෙන මිනිහෙක්ට කන්ද නගින්න බැරිද? පිස්සු කතාවක්නේ ඒක....!
Dewdrop Monday, 03 July 2023 10:58 AM
මෝඩකම තිබුණාට ප්‍රදර්ශනය කරන්න එපා...
සාධාරණ කොටා Sunday, 02 July 2023 02:58 PM
හැමෝටම ඉක්මන් සුව පතනවා...
NimalSunday, 02 July 2023 06:27 PM
ඉක්මන් සුව පතන එකට ඩිස්ලයික් කළේ කවුද? ඔවුන්ට ළමයි එහෙම නැද්ද?
Bunny Preena Tuesday, 04 July 2023 12:08 PM
විශ්ව විද්‍යාලයක නවකයින් පිළිගන්න 'නවක වදයට ' සමාන බබරුන්ටම ආවේනික වූ ක්‍රමයකට තමයි මොවුන්ව පිළිගෙන තියෙන්නේ මට හිතෙන හැටියට