
(ඇමි .ඩබ්ලිව් .සෝමරත්න)
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද හෙදි කාර්ය මණ්ඩලයේ උග්‍ර හිඟය හේතුවෙන් එහි සේවා රැසක් අඩපණවිමේ අවදානමක් මතුවී වි ඇතැයි එහි ප්‍රකාශකයෙක් පැවැසීය.
මෙම ගැටළුව සම්බන්ධයෙන් හදිසි රැස්වීමක් රෝහල් අධ්‍යක්ෂ කාර්යාලයේ රැස්වීමි ශාලාවේ දී ඊයේ (23) පෙරවරුවේ පැවැත්වුණූ බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
මේ සම්බන්ධයෙන් මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු මෙසේ කීය.
රෝහලේ හෙද හෙදියන් ගේ හිගය උගුවිම නිසා රෝගින්ට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදිමට නොහැකි තත්ත්වයක් උදා වි තිබෙනවා. වසර 10කට පෙර මෙම රෝහල මුලික රෝහලක් ලෙස පැවැතුනා. දිස්ත්‍රික්ක රෝහලේ මධ්‍ය ආණ්ඩවට පවරාගත් අනුමත සේවක සංඛාව (කාඩරය) ලැබුණේ නෑ . දිස්ත්‍රික් මහ රෝහලක් බවට පත්ව මධ්‍යම ආණ්ඩුවේ රෝහලක් ලෙස පත්ව තිබිම නිසා මෙම ගැටලු නිර්මාණය වි තිබෙනවා. මෙම රෝහලට හෙද කාර්ය මණ්ඩලය 400 පමණ අවශ්‍ය නමුත් දැනට රාජකාරියේ සිටිනුයේ හෙද හෙදියන් 280ක් පමණයි . කනිෂ්ඨ සේවක ප්‍රශ්නද තදින් තිබෙනවා.
මෙම හෙද-හෙදි ප්‍රශ්නය ගැන නිතර කතා කරන සමස්ත ලංකා එක්සත් හෙද සංගමයේ සභාපති රවි කහදමආරචිචි මහතාගෙන් කළ විමසීමකදී මෙසේ කියා සිටියේය.
මාතලේ දිස්ත්‍රික් මහ රෝහලේ දැනට හෙද කාර්ය මණ්ඩලය හිඟය නිසා රෝහලේ සේවා රැසක් වැසියාමේ අවදානමක් පත්ව තිබෙනවා.
සාත්තු සේවාවේ සේවය නිසි පරිදි ඉටුකිරිමට හෙද හෙදි කාර්ය මණ්ඩලයේ හිගය බෙහෙවින් බලපා තිබෙනවා. මේ නිසා රෝගින්ට නිසි සේවාවක් ලබා දිමට නොහැකි වි තිබෙනවා.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
290
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1090
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෙද හෙදි හිගයෙන් මාතලේ රෝහල හාන්සියි
Sam Wednesday, 24 July 2024 08:56 AM
හෝ ගාලා නර්ස්ලා රට යනකොට ඔහොම වෙනවා ඩොක්ටර්ස්ලත් එහෙමම තමයි ඉන්න හිතෙන රටක් දේශපාලකයෝ හදලානේ තියෙන්නේ 2048 වෙනකොට ඔක්කොම හරියයි තව පොඩි කාලයයි නෙ තියෙන්නේ ඉවසන්න.
Aiya Wednesday, 24 July 2024 10:55 AM
නුවර හොස්පිටල් එකේ විතරක් 1000 කට වඩා අඩුයි ලු. ඉන්න අයගෙන් මරව මරව වැඩ ගන්නවා. පැය 18 , 24 duty තමා වැඩිම තියෙන්නේ. ඒක නිසාම මිනිස්සු දැන් දැන් වැඩියෙන් ලෙඩ වෙනවා. මානව අයිතිවාසිකම් කියල දෙයක් ඇත්තෙම නැහැ . ඒ අයට ජීවිතයක් නැහැ. හැම මාසෙම 10ක් වත් නොකියාම අයින් වෙනවා. එන්න එන්නම දරුණු වෙනවා
herath Thursday, 25 July 2024 09:17 AM
දැන්, වැඩ අධික කම දරා ගන්න බැරි නිසාත් කට්ටිය අයින් වෙනවා. එක රස්සාවක් නෙවේ මරණයක්. පවුල් ඉවරයි, ඇත්තටම ජීවිතයක් නැහැ.