IMG-LOGO

’’හෝද හෝද මඩේ දාන්න එපා’’

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

මුදල් කාරක සභාවේ ප්‍රශ්නය ඉතා හොඳ විදිහට අවසන් වී ඇති අවස්ථාවක මේ ගැන නැවත නැවතත් කතා කරමින් හෝද හෝද මඩේ දමන්නේ ඇයිදැයි කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් පාර්ලිමේන්තුවේදී අද (8) ප්‍රශ්න කළේය.

ඔහු මෙසේ පැවසූවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් කාරක සභාවේ සභාපතිවරයා පත් කිරීම සම්බන්ධයෙන්  දිගින් දිගටම කරුණු දැක්වූ අවස්ථාවේදීය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා:

මුදල්  කාරක සභාවේ සභාපති ධූරය  විධායක ජනාධිපති ඇවිල්ලා ප්‍රකාශයට පත්කරන්න
පුළුවන්ද. එහෙම දෙයක් ස්ථාවර නියෝගවල නැහැ. ඊයේ  පාර්ලි මේන්තුවේ ස්වෛරීත්වය අහිමි වූ දිනයක්. අපි කවුරුත්  පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ක්‍රියාත්මක විය යුතුයි.

විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා:

මුදල් කාරක සභාවේ සභාපතිකම විපක්ෂයට දෙන්න කියලා අපි දිගින් දිගටම ඉල්ලා සිටියා.
අන්තිමට ජනාධිපතිතුමාටම ඇවිල්ලා හර්ෂ ද සිල්වා අභිෂේක කරන්න සිදුවුණා.

කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා

දැන් ඒක ඉවරයි නේ.

කිරිඇල්ල මහතා

ඔබතුමාට යමක් කරන්න බැරිදේ  ජනාධිපතිතුමාට කියලා තමයි කරගන්න වෙන්නේ. අපි මේක අවුරුදු ගාණක්  ඉල්ලූවා. ඔබතුමා තමයි සියලු මන්ත්‍රීවරුන්ගේ වරප්‍රසාද ආරක්ෂා කරන්න ඕන. කතානායක  ගන්න ඕන රජතුමාගේ පැත්ත නොවෙයි. මන්ත්‍රීවරුන්ගේ පැත්ත.

කතානායක

මන්ත්‍රීවරු තමයි තීන්දු ගන්නේ. ඒක හොඳ විදිහට අවසන් වුණා.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා

හර්ෂ ද සිල්වා පත් වීම ගැන සතුටු වෙනවා. තේරීම් කාරක සභාව තමයි සියලු තීන්දු ගත්තේ. අපි මුලින්ම කිව්වා මේක විපක්ෂයට දෙනවා කියලා. මෙතන කුමන්ත්‍රණය තිබ්බෙ විපක්ෂයේ . අපි විපක්ෂයේ මයන්ත දිසානායක  යෝජනා කළාම එතුමා ඇවිල්ලා බාරගත්තා. ජනාධිපතිතුමා සියලු දෙනා එකතු කරගෙන යන ගමනක් යන්නේ. මේක කිය කිය ඉන්න එපා. එතුමාට වැඩ කරන්න ගෙන යන්න ඉඩ  දෙන්න ඕන. ආපහු මේක කතා කරලා  හර්ෂ ගේ කටයුතු අවුල් කරන්න යනවද මන් දන්නෑ.



අදහස් (5)

’’හෝද හෝද මඩේ දාන්න එපා’’

Rata Perata Thursday, 08 June 2023 11:54 AM

වහලෙක් කියන එක ඕන පොඩි එකෙක් දන්නවා.

:       0       0

Liyanage Thursday, 08 June 2023 02:09 PM

වත්මන් කථානායකවරයාට අපක්‍ෂපාතී තීරණ ගැනීමට කොන්දක් නැත.

:       0       0

පප්ප Thursday, 08 June 2023 04:32 PM

මේක මේ ඔලුවෙ ඔතාගෙන ඉන්නෙ පාපිස්සක්ද

:       0       0

ලමය Thursday, 08 June 2023 05:46 PM

ඔය ඔලුවෙ දාගෙන ඉන්න තඩි පාපිස්ස මේ යෝධයා හෝදනවද දන්නේ නැහැ. අමතක වුණා මේක හැත්ත බුරුත්ත ඔක්කොම ආණ්ඩුවෙන් පඩි දීගෙන, වටේ තියාගෙන ඉන්න නිසා ඔවුන් වත් මාසෙකට සැරයක් පා පිස්ස හෝදලා දෙනවා ඇති...!

:       0       0

සල්ලි Thursday, 08 June 2023 07:15 PM

තෙල් බේරෙන මුහුණ හොඳට කාලා බීලා ඉන්න බව පේනවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 378 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 542 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 225 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site