IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හදිසි මරණ වළක්වන්න හොඳ හදිසි ප්‍රතිකාර ඕනේ

(යොහාන් භාසුර)

අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල වන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධතිවලින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අද (23) පැවසීය.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සත්කාර සේවා රාමුවට අනුව හදිසි සත්කාර යනු විශ්වීය සෞඛ්‍ය ආවරණය සඳහා වූ මානව අයිතියේ මූලික කරුණක් බවත් අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල සිදුවන මරණවලින් අඩකට වඩා ශක්තිමත් හදිසි සත්කාර පද්ධති සමඟින් වළක්වා ගත හැකි බව ගෝලීය දත්ත අනාවරණය කරන බැවින් එම පද්ධතීන් ශක්තිමත් කිරිමට පියවර ගත යුතු බවත් අමාත්‍යවරයා කීය.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ 2024-2025 වසර සදහා නව සභාපතිවරයා පත්කිරීම වෙනුවෙන් පැවැති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගිවෙමින් අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.

සංවර්ධිත රටවල් වසර 50 කට පෙර හදිසි ප්‍රතිකාර වෛද්‍ය විද්‍යාව තීරණාත්මක විශේෂත්වයක් ලෙස පිළිගෙන ඇති බවත් 2004 සුනාමි ව්‍යසනයෙන් පසු ශ්‍රී ලංකාව තුළ හදිසි වෛද්‍ය ප්‍රතිකාර පිළිබදව විශේෂඥතාවක අවශ්‍යතාවය දැනෙන්නට වූ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

එම උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

ශ්‍රී ලංකා හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ නව සභාපතිවරයා ලෙස හදිසි ප්‍රතිකාර පිළිබද විශේෂඥ වෛද්‍ය ඉණුක  විජේගුණවර්ධන මහතා පත්විය.



අදහස් (2)

හදිසි මරණ වළක්වන්න හොඳ හදිසි ප්‍රතිකාර ඕනේ

pj Tuesday, 24 December 2024 02:56 AM

ධනුජ දරුවා යන්නම ගිහින්. මේ අය මාධ්‍ය සංදර්ශන...

:       0       0

සඳුන් Tuesday, 24 December 2024 08:04 AM

විද්‍යාර්තීන්ගේ රැස්වීම්වලට කොයි මුහුණෙන් ආවත් දේශපාලඥයන් ආරාධිතයන් වශයෙන් ගෙන්වන්න එපා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 596 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site