(ඩයනා උදයංගනී)
හදිසි නීතියට විරුද්ධව ඡන්දය දුන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ඒ සම්බන්ධයෙන් පැවති පාර්ලිමේන්තු විවාදයේ දී අදහස් දැක්වීමට අවස්ථාවක් නොදුන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය නාලක ගොඩහේවා මහතා පැවසීය.
ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායකවරයාගෙන් අදහස් දැක්වීමට අවස්ථාවක් ඉල්ලා සිටියත් හදිසි නීතියට විරුද්ධ කිසිවකුටත් විවාදයේදී අදහස් දැක්වීමට ඉවක් නොදුන් බව හෙතෙම සඳහන් කළේය.
යහපාලන සමයේ සාමාන්‍ය නීතිය පවා අවභාවිතා කරමින් විශාල ලෙස දේශපාලන ප්‍රතිවාදින් මර්ධනය කිරිමේ ඉතිහාසයක් ඇති පාලකයන්ගේ අතට හදිසි නීතිය වැනි අවියක් ලබාදීම ඉතා අනතුරුදායක බැවින් තමන් එයට විරුද්ධ වූ බව ද නාලක ගොඩහේවා මහතා කීවේය.
හදිසි නීතියට මුවාවී සියලු ආකාරයේ විරෝධතාවන් මර්ධනය කල හැකි වතාවරණයක් සදා ගන්නට රජයට ඉඩදීම මන්ත්‍රීවරයකු ලෙස වගකීම පැහැර හැරීමක් බවත් තම තීන්දුව නිවැරදිද යන්න ඉතිහාසය තීන්දු කරනු ඇති බවත් හෙතෙම පැවසීය.
2025 දෙසැම්බර් මස 18
558
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
278
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හදිසි නීතියට විරුද්ධ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීන්ට විවාදයේ අදහස් දක්වන්න ඉඩදුන්නේ නෑ
sharm warn Friday, 29 July 2022 04:37 PM
එතකොට 134 ඇතුළේ ඔයා නැද්ද?
ravin Friday, 29 July 2022 04:51 PM
දැන් එකපාරක් කාගෙ කාගේත් රෙදි ගැලවෙන්න කියපු මන්ත්‍රීවරියට කතාකරන්න දුන්නද?