(යොහාන් භාසුර)
හදිසි ආපදා තත්වයකදී ජලයේ අනතුරට පත් පුද්ගලයින් සෙවීමේ හා මුදවා ගැනීමේ නිදර්ශණාත්මක පෙරහුරුවක් ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණය සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය එක්ව පානදුර වෙරළ උද්‍යානය අසල මුහුදු තීරයේදී පසුගියදා පැවැත්වීය.
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ උපදෙස් අනුව මෙම පුහුණුව මෙහෙයවීය.
මෙරටට බලපෑ ගංවතුර උවදුරුවලදි සහ මුහුදේදී වු හදිසි අනතුරුවලදී අනතුරට පත්වූ පුද්ගලයින්ගේ ජීවිත බේරාගැනීමේ ක්‍රියාදාම රැසකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව දායකත්වය දුන් අතර ඉදිරියේදී ඇති විය හැකි එවැනි ආපදා තත්වයන්ට සාර්ථකව මුහුණදිය යුතු ආකාරය පිළිබදව ප්‍රගුණ කිරීම මෙම පුහුණු පාඨමාලාවේ ප්‍රධාන අරමුණ වේ.
ගුවන් හමුදා අංක 7 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයට අයත් බෙල් 212 වර්ගයේ හෙලිකොප්ටර් යානයක් යොදාගනිමින් කඹ ආධාරයෙන් අනතුරට පත් පුද්ගලයින් මුදවා ගන්නා ආකාරය ප්‍රායෝගිකව විදහා දක්වු මෙම නිදර්ශනාත්මක පුහුණුව සදහා ගුවන් නියමුවන්, ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා භටයින් ඇතුලූ පිරිසක් සහභාගී වූහ.
මෙම නිදර්ශනාත්මක පෙරහුරුවේ අධීක්‍ෂණ කටයුතු අංක 07 ප්‍රවාහන හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිළධාරී විංග් කමාන්ඩර් සමීර විදානපතිරණ සහ ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකා අණදෙන නිලධාරි විංග් කමාන්ඩර් සුමිත් බණ්ඩාර යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හදිසි ආපදා මුදවා ගැනීමේ පුහුණුවක්