(ඩයනා උදයංගනී)
හදිසි නීතිය පැනවීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති හා ව්‍යවස්ථාවට විරුද්ධ බව එහි ආරම්භක සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
එය ජිනීවාහිදී තවත් මසකින් පැවැත්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේදී ශ්‍රී ලංකාවට අහිතකර ලෙස බලපෑ හැකි බව කී ජී.එල් පීරිස් මහතා ජී.එස්.පී ප්ලස් සහනය අහිමිවීමට ද හේතු විය හැකි බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ පවතින තත්වය අනුව මහජන ජීවිත හා දේපල ආරක්‍ෂා කිරීමට පවතින සාමාන්‍ය නීතිය ප්‍රමාණවත් බවත්, හදිසි නීතිය පැනවීමේ කිසිඳු අවශ්‍යතාවයක් නැති බවත් හෙතෙම කීවේය.
මහාචාර්ය ජී.එල් පීරිස් මහතා මේ බව පැවසුවේ කොළඹ දී අද (28) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
හදිසිනීතිය පොහොට්ටුවේ ප්‍රතිපත්තිවලට විරුද්ධයි
විපරමා Thursday, 28 July 2022 02:41 PM
අපි ඔබ ගැනත් හොන්දටම දන්නවා .ඇමතිකමක් හම්බවෙලා ආණ්ඩුවේ හිටියානම් ඔහොම කියන එකක් නැහැ. ඒ කාලේ ඉන්දලාම එහෙටයි මෙහෙටයි පැනපු කෙනා ගැන කවර කතාද?
fairoos Thursday, 28 July 2022 02:59 PM
මේ අය දන්නවා මේ රටේ මිනිස්සු අන්දන හැටි. 2019 වගේ
de silva Thursday, 28 July 2022 03:22 PM
පොහොට්ටුව චන්දෙ නොදුන්න නම් ඔය පනත සම්මත කරගන්න බැහැ. බොරු කියා අපිව ආයිත් රවටන්න එන්න එපා. පොහොට්හොටුව හොද නතිනම් අස්වෙලා ගෙදර යන්න.
චන්දන Thursday, 28 July 2022 03:27 PM
ආ...ඇත්ත නේන්නං ...පොහොට්ටුව නායකයො මතක ඇති කාලෙක හදිසි නීතිය දාලම නැහැ ...... මේ මිනිහා අද ඊයෙ ලංකාව ට ගොඩ බැහැලා තියෙන්නේ .
de silva Thursday, 28 July 2022 03:43 PM
පොහොට්ටුවට කොහෙද තිබෙන්නෙ ප්‍රතිපත්තියක්? ප්‍රතිපතියක් තිබෙනවනම් චන්දෙට කලින් මහ බැංකු හොරා ලෙස ඔවුන් විසින්ම නම් කරන ලද රනිල්ව චන්දෙ දීල ජනපති කරගනීවිද?
sharm warn Thursday, 28 July 2022 03:59 PM
එතකොට හදිසි නීතියට ඡන්දෙ දුන්නේ පාරෙ යන මිනිස්සුද? කාවද මේ රවට්ටන්න හදන්නේ? අර කුලියට අඬන්නන්ගේ සංගමයේ කට්ටිය,මේ බලන්නකො ඔයාලගේ මහාචාර්යතුමා රා කලයක් බීලාවගේ මංඤ්ඤං කතාවක් කියනවනෙ.
මංගල Thursday, 28 July 2022 04:09 PM
එකක් කඩතොලු මකාගන්නට ගොසින් මට වුනු කාරියා, දෙකක් කඩතොලු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා. නීතිය දන්නෙ නැති නීති ආචාරිය.
Bamunuarachchi Friday, 29 July 2022 06:31 AM
ලොක්කා, පොහොට්ටුවේ ප්‍රතිපත්ති අපිට අදාළ නැහැ. ඒ ප්‍රතිපත්ති ඔහෙලා රෝල්කරලා කොට්ටෙට තියාගන්න. අපිට රටේ සාමකාමීව ජීවත්වෙන්න මරණීය දණ්ඩනය වුණත් ගෙනෙන්න...