IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට

(ඩී.එස්.රණසිංහ සහ අනිල් ගාමිනි විජේරත්න)

ගල්ගමුව ඉන්ධන පිරවුම්හලම පිටුපස ප්‍රතිසංස්කරණය කරන  දුම්රිය මාර්ගයේ ගමන් ගත් යතුරුපැදියක් එහි ඇළක් තුළට වැටීමෙන්  පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇතැයි පොලිසිය කියයි.

එම තිදෙනා ඉදි කෙරෙමින් පවතින දුම්රිය මාර්ගය දිගේ පාළ‍ෙකඩවල සිට ගල්ගමුව නගරය දෙසට යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී තිබේ.

අනතුරෙන් මියගොස් ඇත්තේ යතුරුපැදිය පැදවූ පාළුකඩවල ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි ඩබ් එම් ඩ් චමෝද් වාසල නැමැති පාසල් සිසුවෙකි.

තුවාල ලැබා ඇති අනෙක් දෙදෙනාද එම ප්‍රදේශයේම පදිංචි පාසල් සිසුන් දෙදෙනෙකි. අනතුරට පත්වීමෙන් පසු එක් අයකු යාබද නිවසකට ගොස් එම නිවසයන්ගෙන් උදව් ඉල්ලා ඇත. ඔවුන් එම ස්ථානයට පැමිණ ඇළට වැටී සිටි අයද ගොඩට ගෙන 1919 ගිලන් රථ සේවයට දැනුම් දී  තිදෙනා ගල්ගමුව මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර එක් සිසුවකු මිය ගොස් ඇත. අනෙක් සිසුන් දෙදෙනා රෝහලට ඇතුළත් කර ඇති අතර එක් සිසුවකු ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්‍ෂණ රෝහල වෙත මාරුකර යවා තිබේ.



අදහස් (12)

හදන දුම්රිය මගේ අනාරක්ෂිත ගමනින් සිසුවෙක් මරුට

ලුම්බිණි Friday, 03 May 2024 07:41 AM

මෙම ස්ථානයේ මාර්ග භාදක දමා තිබුන නම් මෙම අනතුර වලක්වා ගන්න ඉඩ තිබුන.

:       19       7

ජයනාත්Friday, 03 May 2024 05:49 PM

මෙතැනට මාර්ග බාධක අවශ්‍ය නැත. මේ මාර්ගයේ පයින්වත් ගමන් කරන්න කිසිවකුට නිත්‍යානුකූල අවසරයක් නැහැ. රක්ෂණ වන්දි ගන්නත් බැහැ. නීති විරෝධී ගමනක්. අපේ තරුණ අය නීතිය දන්නෑ. ඒකයි බොහෝ අනතුරු වලට හේතුව...

:       1       6

Tikri Friday, 03 May 2024 08:18 AM

යතුරු පැදියක් ලැබුනම රජකම ලැබුනා වගේ තුන් හතරදෙනා ඒකෙ යනවා දුර බලන්නෙ නැහැ කයිවාරු ගහමින් යනවා මිස ආරක්ෂාව ගැන හැගීමක් ඇත්තෙම නැහැ සමහර විට හෙල්මට් පමණක් නොවෙයි රියදුරු බලපත්‍ර පවා නැතුව ඇති පොලිසිය ඕවා ගැන බලන්නෙ නැහැ මම දැක්කා දවසක් හැන්දෑවෙ මැදි වයසේ මිනිහෙක් හොදටම බීල හෙල්මට් නැතුව ප්‍රධාන නගරයක යතුරු පැදියක් පදිනවා කෙනෙක් මට පෙන්නුවා කෝටි ගණනක් වටිනා ජීප් රථයක් ඒ අසල තිබුනා ඒක ඔහුගේ තමයි ඒක සුදු පාටයි ඒක නොවෙයි වැදගත් කම එම පුද්ගලයා මොනවා කලත් පොලිසිය ඔහු අල්ලන්නෙ නැහැලු මොකද පොලිසියේ සියලු දෙනාටම සතියකට හමාරකට වරක් ඔහු උසස් ආකාරයට විස්කි බ්‍රැන්ඩි වගේ විදේශීය මත්පැන් සමග මහාපරිමාණයෙන් පොලිසියට පාටි දෙනවලු

:       1       12

ලුම්බිණි Friday, 03 May 2024 09:43 AM

පොඩි හරි මාර්ග බාධකයක් තිබුන නම් තරුණ ජීවිතයක් ඉතුරු වෙනවා.

:       15       10

RajadasaFriday, 03 May 2024 11:18 AM

ගියපු එවුන්ගේ එකෙකුට හරි චුට්ටං මොළයක් තිබුණා නම් ඔහොම වෙන්නෙ නැහැ මේකට යතුරු පැදිය අයිතිකරු සම්පූර්ණයෙන්ම වග කියන්න ඕන

:       1       10

Bunny Preena Friday, 03 May 2024 09:43 AM

විනයක් සහ හික්මීමක් නැති ක්‍රියාවන් වෙනකොට සියල්ලම විනාශ වෙනවා

:       0       16

Nimal Friday, 03 May 2024 09:46 AM

මෙය සාදා ගෙන යන දුම්රිය මාර්ගයක් .මාර්ග බාධක අවශ්‍ය නැහැ .මෙහි ගමන් කිරීමට කාටවත් අවසර නැහැ .එසේ ගමන් කිරීම නීති විරෝධියි

:       1       33

Lalla Friday, 03 May 2024 10:09 AM

ගෙවල්වල අය දැනගන්න ඕන බලපත්‍රවත් ගන්න වයසක් නැති එවුන්ට මෝටර්-සයිකලය පදින්න නොදී ඉන්න. දෙමාපියන්ට අනිවාර්යෙන් දඬුවම් කල යුතුයි.

:       0       8

Ishanka Friday, 03 May 2024 10:14 AM

දුම්රිය මගෙහි ගමන්කළ හැක්කේ දුම්රියට පමණි. අලුත්වැඩිය කෙරෙන දුම්රිය මගට අනවසරයෙන් ඇතුළු වීම නීති විරෝධි.... නමුත් තරුණ ජීවිතයක්.. කණගාටුවට කරුණක්...

:       0       14

Ranjith Dissanayake Friday, 03 May 2024 10:36 AM

මම ලංකාවට නිවාඩුවට යන එන හැම විටම දැක්ක දුටුව දේවල් දිහාවේ බැලුම අපේ රටේ මෝටර් බයිසිකල් සහ ත්‍රිවීල පදවන්නෝ කියනේ තමලන්ගේ ජීවිතය සහ පාරේ අනෙකුත් මගීන් සහ රිය පදවන්නගේ ජීවිත බිලිගන්නා කොටසක්. මම දැකපු අත්දැකීම්වල හැටියට නම් බොහොමයක් මෝටරසයිකල් සහ ත්‍රිවීල් පදවන්නෝ මගමරුවන්.

:       0       22

ranjith Friday, 03 May 2024 10:39 AM

හදන දුම්රිය මාර්ගයක මොකට ගියාද මන්දා ... මේ නිසා හදාවඩා ගත්ත දෙමාපියන්ට නෑදැයන්ට තමයි දුක

:       0       13

sagara sampath Friday, 03 May 2024 03:02 PM

සම්පුර්ණ වැරැද්ද ඉදිකිරීම් කරන බලධාරීන්ගේ. මේ වගේ ස්ථාන වල ආරක්‍ෂිත වැටවල් දැමිය යුතුයි.

:       9       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 443 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 247 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1035 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site