(විනීතා එම් ගමගේ)
රට හදන්නට මිනිසුන් හද හදා සිටින්නට වෙලාවක් නැති බැවින් හැදිච්ච මිනිසුන් සමඟ රට පෙරට ගෙන යන්නට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු යැයි දේශය සුරැකිමේ ජාතික ව්‍යාපාරයේ සභාපති ඇල්ලේ ගුණවංශ හිමියෝ පැවසූහ.
ජාත්‍යන්තර සම්මුති දෙස බලා ඒවා නිවැරදි කරගන්නට කටයුතු කළ යුතු නමුත් මේ රට සිංගප්පූරුවක් හෝ මැලේසියාවක් කළ යුතු නැති බවත් රට අපේ රට ලෙසම අපේ ආරෙට සංවර්ධනය කළා නම් ප‍්‍රමාණවත් වන්නේ යැයි ද උන්වහන්සේ පැවැසූහ.
බඩු මිල ටිකක් අඩු කරන්නට හැකිනම් අගනේ යැයි කී ගුණවංශ හිමියෝ ජනතාව ජනාධිපතිතුමන් ගැන තැබූ විශ්වාසය නොබිඳිනු ඇතැයි විශ්වාස කරන බව ද කියාසිටියහ.
ශ්‍රී ලංකා පදනම් ආයතනයේ අද (24) පැවති යුතුකම සංවාද කේන්ද්‍රයේ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ උන්වහන්සේ මහ මැතිවරණයත් ළඟ එන බැවින් ජනතාවට සහන දී ජනතාව දිනාගැනීම ජනාධිපතිවරයා අතේ ඇතැයි ද පැවසූහ.
අමාත්‍යංශ්‍ය ලැබුණේ යැයි කියා එහි වාහන සියල්ල රැගෙන හත්මුතු පරම්පරාවම දමාගෙන යන්නට සූදානම් නොවන්නැයි ඇමැති මණ්ඩලයෙන් ඉල්ලා සිටින බවද ඒ පිළිබඳව තමන් අවධානයෙන් සිටින බවද ජනතාව මේ සියල්ල දෙස සියුම්ව බලා සිටින බවද ගුණවංශ හිමියෝ කීහ.
දේශපාලඥයන් පරිත්‍යාග කළ යුතු බව ද මේ තාවකාලික ආණ්ඩුවේ කාර්යාල ගැනීම්, වාහන ගැනීම් නොකර ආදර්ශයක් දෙන්නට ඔවුන් සූදානම් විය යුතු බව ද කී උන්වහන්සේ කලින් ජනාධිපතිවරයා ගමනක් යන විට වාහන 17 ක් ගිය බවත් ගිනි නිවන රථයක් හා ගිලන් රථයක් ද ඒ සමඟ යනු දුටු තමන් එහි අඩු හරස් එකක් හා හාමුදුරුවරු කෙනෙක් පමණක් යැයි සිතූ බව ද පැවසූහ.
එසේ බලනවිට මේ ජනාධිපතිවරයා පත්කර ගැනීම ගැන ජනතාවට පින් දෙන්නේ යැයි පැවසූ ගුණවංශ හිමියෝ එෆ්සීඅයිඩීය වැනි අනවශ්‍ය ආයතන ඉවත්කර එයින් කරන කටයුතු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට බාර දීමට කටයුතු කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව ද පැවැසූහ.
දේශපාලඥයින් ගත් වැරදි තීරණ නිසා දක්ෂ පරිපාලන නිලධාරියකු වන ලලිත් වීරතුංග මහතා වැනි නිලධාරින් දුක් විඳින බවත් ඒවා ගැන සොයා බැලිය යුතු බවත් උන්වහන්සේ තවදුරටත් පැවසූහ.
මෙම මාධ්‍ය හමුව ඇමතූ යුතුකම සංවාද කේන්ද්‍රයේ සභාපති ගෙවිඳු කුමාරතුංග මහතා මෙවර මැතිවරණයේ දී සිදුවූයේ 2015 පත් වූ ආණ්ඩුව ආරම්භයේ සිටම කළ ක‍්‍රියාවන් පරාජය කිරීමක් යැයි කියා සිටියේය.
ජනතාව මෙවර ඡන්දය දුන්නේ වෙන කිසිවක් ගැන සිතා නොව රට ගැන සිතා පමණකැයි ද එය විජාතිකත්වයට එරෙහි ස්වදේශීකත්වය වෙනුවෙන් වූ ඡන්දයක් යැයි ද පැවසූ කුමාරතුංග මහතා එය කප්පම් නොදෙන දේශපාලනයක් වෙනුවෙන් වූ ඡන්දයක් යැයි ද කියා සිටියේය.
30 අවුරුදු යුද්ධයක් පරාජය කළ රටකට රාජ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ප‍්‍රබල රාජ්‍ය ව්‍යුහයක් අවශ්‍ය වන්නේ යැයි ද ඒ වෙනුවෙන් දුන් ජන වරමින් පෙනී යන්නේ මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරු ඉදිරිපත් කළ යෝජනා ජනතාව පිළිගත් බව යැයි ද හෙතෙම සඳහන් කළේය.
එහි දී මාධ්‍යවේදියෙක් නැගූ ප‍්‍රශ්නයකට පිළිතුරු දුන් කුමාරතුංග මහතා තමන්ට නව රජයෙන් උතුරු මැද පළාත් ආණ්ඩුකාරකම බාරගන්නා ලෙස ඇරයුම් ලැබුණු නමුත් එය බාර නොගත් බවත් එවැනි තනතුරක් ගතහොත් එයට පූර්ණ කාලීනව කැපවිය යුතු බැවින් ද තමන් යුතුකම සංවාද කේන්ද්‍රය වෙනුවෙන් පූර්ණකාලීනව වැඩ කරන බැවින් එයට කැපවිය නොහැකි බැවින් ද එම තනතුර බාර නොගත් බව කීය.
නොරොච්චෝල පොලිස් බළ ප්‍රදේශයට අයත් දලුව තම්බපණ්නී නාවික අණු කණ්ඩය අසළ වෙරල තීරයට අද (3 ) දින සහල් උරයක ඇසුරූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බව නොරොච්චෝල පොල
පොලිස් අණ නොතකා පලාගිය මෝටර් රථයක් කොළඹ මහජන පුස්තකාලය අසලදී අපරාධ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ මෝටර් රථයේ ගැටී හානි සිදුකිරීම සම්බන්ධයෙන්
2022 අරගල සමයේ සිදු වූ කලබලයත් සමග මැයි 9 වැනි දින සිදු වූ ගිනි තැබීම්වලින් නිවාසවලට වූ හානිය වෙනුවෙන් හිටපු ප්‍රාදේශීය සභා නගර සභා මන්ත්‍රීවරු 92 ක් රුපියල
තරුණයන් පිරිසක් ගමන් ගත් ටිපර් රථයක් ඇල්ලේවැව මාර්ගයේදි පාරෙන් ඉවතට පැන පෙරළී සිදුවූ අනතුරෙන් එහි ගමන් ගත් අවුරුදු 18 ක තරුණයකු මියගොස්, තවත් තරුණයන්
ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ගුවන් යානයක් තුළ සැක කටයුතු පිරිසක් සිටින බවට එරට ගුවන් තොටුපොළේ සිට කටුනායක ගුවන් තොටු
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
‘හැදිච්ච මිනිස්සු එක්ක ඉදිරියට යනවා මිස මිනිස්සු හදන්න බෑ’
Indika Sunday, 24 November 2019 11:21 AM
මොනවත් කරන්න ඕනෑ නැහැ. සියලුම දරුවන්ට හොඳට අධ්‍යාපනය දෙන්නකෝ... එතකොට පරම්පරා කීපයකින්වත් අපේ මිනිස්සු අලුතින් කියන්න පටන් ගනියි.
විජිත් Sunday, 24 November 2019 01:19 PM
එතකොට ඊයේ මේ රටේ අගමැතිවරයා වාහන 15 අරගෙන කොහේදෝ ගිය බව ඔබවහන්සේට පෙනුනේ නැතිද....? ආ මට අමතක වුණා.. දිවැස් නැහැනේ. දිවැස් තිබෙන්නේ සිල්වත්, ඒ වගේම බුදුන් දෙසූ ධර්මය අනුගමනය කර මාර්ගඵල ලබාගත් වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සිල්වත්, සුපේක්ෂාකාමී ස්වාමින් වහන්සේලාට පමණයි. ඒ අය පමණයි නියම බුද්ධ පුත්‍රයන් වෙන්නේ. ඔය ඩුප්ලිකේට් කට්ටිය තමයි නිදහස ලැබිලා අවුරුදු 71 යනකම්ම රට කාපු හොර කල්ලි දෙකටම අනුශාසනා කලේ..!!! මේ රටේ සිටින " සිල්වත් " සුපෙක්ෂකාමි හිමිවරුන් අතළොස්සටයි මේ..." හිමිවරුනේ ඔබවහන්සේලාට නිවන් සුව අත්වේවා...!!! "
kamani Sunday, 24 November 2019 01:24 PM
හෙට අනිද්දා රටේ වියදමට සල්ලි මදිවෙද්දී ආණ්ඩුව හොරෙන්ම mcc ගිවිසුම අත්සන් කරන එක නවත්වන්න ඔබට පුලුවනිද...? බැහැ...!!! අනිවාර්යයෙන්ම බැහැ. ඔබ එ්කටත් මොනවා හරි දෙයක් කියාවි... ඔය ගිවිසුමට අත්සන් කළ දවසට මේ රට ලේ විලක් වෙනවා.. ගෝඨාට ඒවා කරලා පුරුදුයි.. මීට කලිනුත්... ඔබත්, ඔබගේ වහල්ලුනුත් ප්‍රවේශම් විය යුතු කාලයක් ළඟදීම එනවා. එදාට හමුදාවේ ආරක්ෂාව ඔබට ලැබෙන්නේ නැහැ. හමුදාව මහජනතාවත් එක්ක රට රැකගන්න පෙරට එනවා..