(ඩයනා උදයංගනී)
ආණ්ඩු පක්ෂය නියෝජනය කරමින් සිට පාර්ලිමේන්තු තුල ස්වාධීන වු මන්ත්‍රීවරු 41දෙනා වෙනම කණ්ඩායමක් ලෙස විපක්ෂයේ අසුන් ගැනීමට නියමිත බව වාර්තා වේ.
ඔවුන්ට විපක්ෂයේ අසුන් පැනවිම පිලිබද සාකච්ඡාවක් ද එම ස්වාධීන මන්ත්‍රී කණ්ඩායම් නියෝජිතයන් සහ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අතර අද පැවැත්විණි.
මේ සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරුන් හා හිටපු අමාත්‍යවරුන් වන නිමල සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක, භාණ්ඩාගාරික හිටපු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, ලංකා සම සමාජ පක්ෂයේ නායක, මහාචාර්ය තිස්ස විතාරණ, අනුර ප්‍රියදර්ශන යාපා, සුසිල් ප්‍රේමජයන්ත, ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, ජයන්ත සමරවීර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහභාගී වී සිටියහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
හතලිස් එකේ කණ්ඩායම විපක්ෂයේ අසුන් ගන්න යයි
fairoos Monday, 18 April 2022 02:02 PM
නිකන් කයිවාරු විතරයි මේ අයගේ... පුළුවන් නම් විශ්වාස භංගයක් ගෙනැල්ලා නන්දසේනව ගෙදර යවන්න.
Ranjan Monday, 18 April 2022 02:11 PM
වැඩකට නැති ඔබලා විපක්ෂයේ නෙමෙයි.., ගෙදර අසුන් ගන්න.. ඒක හොඳයි නේද?
PrabhaMonday, 18 April 2022 03:41 PM
ගෙදර කිව්වේ හිර ගෙදරට නේද?
දාස Monday, 18 April 2022 03:08 PM
ඔය විගඩම් කොතරම් කළත් මේ රට කාබාසිනායා කළ, කෝටි ගණන් හම්බකල ඔබලා කුණුකූඩයට දැමීමට ජනතාව තීරණය කරලා හමාරයි ළමයිනේ...!
Malika Monday, 18 April 2022 03:09 PM
කරුණාකරලා විශ්වාස භංගයට අත්සන් කරන්න. එතකොට අපි ඔයාලා, අඩුම තරමින් හෝ තමන් ගැන සිතිම මඳකට හෝ අතහැරලා රටට ආදරය කරනවා කියලා අපිට හිතේවි...!