
(ෂේන් සෙනෙවිරත්න)
හතරලියද්ද ග්‍රාමීය රෝහලේ අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද එම රෝහලේ ඊට වැඩි කාර්ය මණ්ඩලයක් සේවය කරමින් අතිකාල දීමනා පවා ලබා ගන්නා බව වාර්තා වේ.
එම රෝහලට අනුමත හෙද කාර්ය මණ්ඩලය 04 ක් වුවද ප්‍රධාන හෙද සොයුරිය ද ඇතුළුව හෙදකාර්ය මණ්ඩලයේ 10 දෙනකු සිටින බවට තොරතුරු දැනගැනීමේ පනත යටතේ කළ ඉල්ලීමකට පිළිතුරු ලබා දෙමින් පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කොට තිබේ.
තෙල්දෙණිය රෝහලේ සිට මෙම රෝහලට මාරුවීමක් ලබා පැමිණි හෙද නිලධාරිනියක පළාත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දැනුවත් නොකර විදේශගත වී මාස තුනක් යන තුරු වැටුප් ගෙවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද මේ වන විට විමර්ශන ආරම්භ වී තිබේ.
මෙම රෝහල සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරයකු ඇතුළු කණ්ඩායමක් යොදවා පරීක්ෂණයක් සිදුකරන බව ද මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක නිහල් වීරසේකර මහතාගෙන් කළ විමසීමකදී පැවසීය .
2025 නොවැම්බර් මස 04
222
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2083
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1594
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හතරක් ඕන තැනට 10ක් දීලා,ඕ.ටී.මල්ලක් කරේ බැඳලා
Saman Sunday, 01 October 2023 04:54 PM
රජයේ රෝහල්වල හෙදියන් කොපමණ සේවය කරනවද කියා කිසිවකු දන්නේද? සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ පරිපාලනය දන්නේද? රටේ බදුගෙවන පුරවැසියන් වෙනුවෙන් පෙනිසිටිනා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ වුර්තිය සමිති කොපමණ තිබේද කියා කිසිවකුට කිව හැකිද...?