(ගයාන් සූරියආරච්චි සහ ජේ.ඒ.එල්. ජයසිංහ)
තම හෝටලයෙන් ඉවත් වූ සේවකයෙකු පැහැරගෙන ගොස් මරණ තර්ජන කල බව කියන මහනුවර ප්‍රදේශයේ හෝටල් හිමිකරුවෙකු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර ප්‍රසිද්ධ පාසලක ආදි ශිෂ්‍ය සංගමයේ හිටපු සභාපතිවරයකු බව පොලිසිය පවසයි.
සැකකරුට අයත් හෝටලයක සේවය කළ පුද්ගලයෙකු පෞද්ගලික හේතුවක් මත ඉන් ඉවත්ව යන බව සැකකරුට අවස්ථා කිහිපයකදීම පවසා ඇති බව පොලිසිය පවසයි.
පසුව එම සේවකයා එම හෝටලයෙන් ඉවත් වී ගොස් වෙනත් රැකියාවක නිරත වී ඇති බව පොලිසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
එම හෝටලය හිමිකරු මාර්ගයේ ගමන් කරන අතරතුර හෝටලෙන් ඉවත් වූ සේවකයා දැක ඔහුගේ මෝටර් රථයට නංවා පැහැරගෙන ගොස් මරණ තර්ජනය කර ඇති බව පොලිසිය කියයි.
පැමිණිලිකරු විසින් මහනුවර මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සිදුකළ විමර්ශනවලදී හෝටල් හිමිකරු සැඟව සිට ඇති අතර අනතුරුව නීතිඥයෙකු මාර්ගයෙන් පොලිසියට ඊයේ (27) ඉදිරිපත් වූ අවස්ථාවේදී සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මහනුවර දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ උපදෙස් පරිදි මහනුවර මූලස්ථාන පොලිසියේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රසික සම්පත් මහතාගේ ප්‍රධානත්වයෙන් වැඩිදුර විමර්ශන සිදු කෙරේ.
2025 දෙසැම්බර් මස 18
492
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හෝටලේ හිමිකරුගෙන් හිටපු ගෝලයාට මරණ තර්ජන