IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි

(නිමල කොඩිතුවක්කු)

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්විය.

එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ජෙනරාල් මහේෂ්  සේනානායක මහතාව සමගි රණවිරු බලවේගයේ ප්‍රධානියා ලෙස පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සිටි ජ්‍යෙෂ්ඨ නිලධාරියකු හා හමුදා ඉංජිනේරුවරයකු වූ ඒ මහතා 2017 ජූලි 4 වැනි ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාපති  ලෙස පත්වූ අතර 2019 අගෝස්තු 21 වැනි දින ඔහු ජෙනරාල් නිලයට උසස් වීමෙන් පසු හමුදාවෙන් විශ්‍රාම ගියේය.

මෙම අවස්ථාව සඳහා සමගි  ජනබලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා ඇතුළු පිරිසක් සිටියහ.



අදහස් (10)

හිටපු යුද හමුදාපති සජබට එක්වෙයි

kaputa Friday, 17 May 2024 12:39 PM

තවත් පුද්ගලයෙක් විතරයිනේ. මතකයිනේ පසුගිය මැතිවරණයේදී මෙයාට ලැබුණු ඡන්ද ගණන. මේ මිනිස්සුන්ට තමන්ගේ තැන තියාගෙන විශ්‍රාම සුවය විඳින්න බැරි හැටි. අර විශ්‍රාමික පොලිස්පති ඉලංගකෝන් මහතාව ආදර්ශයට ගන්නකෝ නිකන් සවුත්තු වෙන්නේ නැතිව...

:       47       117

NimalFriday, 17 May 2024 05:40 PM

හිටපු යුද හමුදාපති විශ්‍රාමික ජෙනරාල් මහේෂ් සේනානායක මහතා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සමගි ජන බලවේගය හා එක්වීම සම්බන්වධ හිටපු යුද හමුදාපති විශ්‍රාමික සරත් ෆොන්සකාගෙන් බර අවි (වාචික) ප්‍රහාරයක් එල්ල කරාවිද?

:       1       8

Nilantha Friday, 17 May 2024 08:47 PM

මාලිමාවට සම්බන්ධ වුණා නම් රණවිරුවෙක්...!

:       4       2

යෝගා Friday, 17 May 2024 12:53 PM

තවත් හොඳ හේතුවක් සජබෙට ඡන්දේ නොදෙන්න...!!

:       49       98

අරවින්ද මොනරවිල Friday, 17 May 2024 01:19 PM

සජිත්ගේ ළදරු මානසිකත්වයට හරියන සෙල්ලම් මේවා, මේ කරන්නේ ෆොන්සේකාට පල නොකියා පලා බෙදිල්ලක්. වැඩවල දැක්මක් පිළිවෙලක් නැහැ, ෆීල්ඩ් මාර්ෂල් කෙනෙක් ළඟ තියාගෙන ජෙනරාල් කෙනෙක්ව හමුදා බලවේගයේ ප්‍රධානියා කරනවා. එන අතට ගහ උළු වස්සා කියලා කරන දේශපාලනයේ කිසිම හරයක් හෝ ගැඹුරක් පෙනෙන්නට නැහැ.

:       45       84

Saman Dissanayake Friday, 17 May 2024 01:58 PM

විෂෙන් විස නසනවා කියන්නෙ ඕකට. දෑන් සජිත් දේශපාලනයෙන් පරිනත වෙන බවක් පේනවා. ෆොන්සේකා කියන්නේ කුකුල් කෙන්ති කරයෙක්.ගුණ මකුවෙක්. එහෙම දේශපාලනය කරන්න බෑ .විනයක් තියෙන්න ඔනි

:       55       48

පිටරැටියා Friday, 17 May 2024 03:03 PM

එනකොටම තනතුරු පූජා කරන විපක්ෂ නායකයෙක් ලොවෙත් නැතුව ඇති .

:       5       20

GDS Bandara Friday, 17 May 2024 03:07 PM

එම පක්‍ෂයට එක පුද්ගලයෙක් එක් වුණා එච්චරයි. හැබැයි මෙයාගේ ඡන්දය කාටද කියන එක විස්වාස නැහැ

:       3       11

amila Friday, 17 May 2024 05:11 PM

ඒ කියන්නේ ඉදිරියේදී එන්නේ හමුදා පාලනයක්...?

:       2       7

නිලන්ත Friday, 17 May 2024 08:51 PM

සජබෙට ඡන්දෙ නොදෙන අයටනෙ සජබ වැඩකටයුතු ගැන අවුල තියෙන්නේ. සජබෙ එක්ක එල්ලි එල්ලී ඉන්නේ නැතුව ඔයාලා ඡන්දය දෙන පක්ෂේ වැඩක් බලා ගන්නකෝ...!

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site