IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු පා.ම ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී

(සුමිත් පොතුපිටිය )

කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී , පානදුර සමගි ජන බලවේගයේ ආසන සංවිධායක මහතා අද (27) දේශපාලන ජීවිතය සමුගන්නා බව සදහන් කලේය.

පානදුර දී මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ මහතා ඒ බව සදහන් කලේය.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා මෙසේ පැවසීය .

මම දේශපාලනයට අවේ 1989 දී. 1991 දී බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව වුනා. පසුව විපක්ෂ නායකවුනා. සභාපති උනා. බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව ලංකාවේ විශිෂ්ටතම ප්‍රාදේශීය සභාව බවට පත් කලා. අවුරුදු 10 පළාත් සභා මන්ත්‍රී වරයෙක් ලෙස කටයුතු කලා.අවුරුදු හතරක්  පාර්ලිමේන්තු මන්ත්‍රී ලෙස කටයුතු කලා. අවුරුදු 32 ක අත්දැකීම් තියෙනවා .එහෙත් දැන් මේ පවතින දේශපාලනය ගැන ඇත්තේ ලොකු කලකිරීමක්.

අවංකව දේශපාලනය කලා. මම සතුටු වෙනවා. මම දේශපාලනයට ආවේ පාපැදියක් නැතිව ආවේ. යන්නෙත් එහෙමමයි. මට ජනතාව වියදම් කලේ. සතුටින් මම දේශපාලනය කලා උපරිමයෙන්ම එහෙත් සොරකම් කලේ නෑ යනුවෙන් ද ඒ මහතා පැවසීය .

සමගි ජන බලවේගයේ නායකත්වය පිළිබඳ ඇත්තේ කලකිරීමක්. එහි නම සමගි උනාට ඇතුලේ සමගියක් නෑ යනුවෙන්ද ඒ මහතා පැවසීය .



අදහස් (6)

හිටපු පා.ම ලලිත් එල්ලාවල දේශපාලනයෙන් සමුගනී

Roshan Friday, 27 December 2024 11:52 AM

අවංක දේශපාලනය? මම නම් අහලා තියෙන්නේ බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ හිටපු කාලේ ඔය සීමාවේ කට්ටි කඩපු ඉඩම් කට්ටි හැම එකකින්ම පර්. 10-15 කෑලි තම ළඟම නෑදැයන්ගේ නමට තියෙනවා කියලා.

:       53       16

Kumara Friday, 27 December 2024 12:52 PM

බොරුව කියනකොට පොඩ්ඩක් කල්පනාවෙන්, ඔයා කියන පෙන්වන ඕනෑම ඉඩමක් දේපොලක් අයතා ලෙස උපයාගෙන තමන්ට හෝ තමා ගේ හිතවාතකු සතුව ඇත්නම් ඒවා ඔබ‍ට හෝ රජයට පවාරදීමට මෙතුමා සූදානම්....... අවංක මිනිස්සුන්ට මඩ ගහන්න එපා එහෙම උනාම වංකයෝ රජ වෙනවා.....

:       6       47

Kumara Friday, 27 December 2024 12:47 PM

මේ වගේ අවංක දේශපාලකයන් දේශපාලනයෙන් ඉවත් වීම ඉතා කණගාටුවට කරුණක. 100%අවංක දේශපාලනයේ යෙදුන මෙතුමා ප්‍රාදේශීය සබා සභාපති ලෙස වැඩිම සම්පත් ප්‍රමාණයක් බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවට අත්කරදුන් සභාපති වරයා. හැම වෙන්දේසි ඉඩමකින්ම සභාවට බිම් කට්ටියක් පොදු කොටසට ලබාගත් එකම සභාපති,අද කුරුසහන්දියේ තියෙන පුස්තකාල ගොඩනැගිල්ල හදලා තියෙන ඉඩම පර්. 40 අද වටිනාකම කෝටි ගණනක් ඒ හැමදේම සබාවට මෙතුමා ලබාදුන්න. 2006 සබාපති වෙනකොට සබාවේ තිබුනේ ලොරියයි cab එකයි ඒත් මෙතුමා යනකොට ආයතනයට ඕනෑකරන සියළුම යන්ත්‍ර උපකරණ සබාව සතු උනා. ලංකාවේම ආදර්ශයක් උන කසල වියාපෘතිය තවත් ලොකු ජයග්‍රණයක් උනා. සත්‍ය දන්නා මිනිසුන් බණ්ඩාරගම ඉන්නවා. පයින්ම දේශපාලන යට ඇවිත් පයින්ම ගෙදර ගියත් හැමදාම ඔබතුමා කල සේවාව ප්‍රතිලාභ මිනිසුන් බුක්ති විදීවි.... ඔබ‍ට සුබ අනාගතයක් හිටපු ගරු මන්ත්‍රී තුමා...

:       2       44

ජගත් ලියනගේ Friday, 27 December 2024 02:08 PM

රනිල්ගෙ හරි, මහින්දගෙ හරි, දිලිත්ගෙ හරි පක්ෂයට හේත්තු වෙන්න.

:       5       13

Kumara Saturday, 28 December 2024 12:54 AM

මේ නියම ජනතා සේවකයෙක්. කවදාවත් සත පහක් වංචා නොකළ කෙනෙක්. නොදන්න ජෙප්පෝ මඩ ගහයි. හැබැයි කළුතර මිනිස්සු දන්නවා මෙයා කවුද කියන්න..?

:       2       1

Bunny Preena Saturday, 28 December 2024 12:07 PM

කොහොම හරි ජාමෙ බේරගෙන එළියට ආවානේ. වෙන කාගේ හරි දැත ශක්තිමත් කරන්න අදහසක් පහළවෙලා වත්ද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site