IMG-LOGO

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර තෙල් සංස්ථාවේ ඉහළ පුටුවකට

(යොහාන් භාසුර)

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නව කළමනාකාර අධ්‍යක්‍ෂවරයා ලෙස හිටපු නාවික හමුදාපතිවරයෙක් වන රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා පත්කර ඇති බව වාර්තා වේ.

රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා අද (14) එම තනතුරේ වැඩ භාරගැනීමට නියමිතව තිබුණි.

යහපාලන ආණ්ඩු සමයේ 2016 වසරේ හම්බන්තොට වරාය සේවකයන් පැවැත්වූ විරෝධතාවකදී මාධ්‍යවේදියකු පහරදීමේ සිද්ධියක් හේතුවෙන් රවීන්ද්‍ර විජේගුණවර්ධන මහතා දැඩි කථාබහට ලක්වූහ.

හිටපු කළමනාකාර අධ්‍යක්‍ෂ සුසන්ත සිල්වා මහතාගේ සේවය ලිපියක් මගින් අත්හිටුවා නව පත්කිරීම කර ඇති බව එම සංස්ථාවේ වෘත්තිය සමිති නියෝජිතයෝ පවසති.   



අදහස් (3)

හිටපු නාවික හමුදාපති රවීන්ද්‍ර තෙල් සංස්ථාවේ ඉහළ පුටුවකට

de silva Tuesday, 14 February 2023 06:42 PM

විශ්‍රම ගිය මිනිස්සු ඉන්න ඔනෙ ගෙදර ,ඛනිජ තෙල් සංස්ථාවෙ කලමනාකාර අද්‍යක්ශ ලෙස පත් කරන්න ඔනෙ ව්‍යාපාර කලමනකරනය ගැන හෝ කනිජතෙල් වෙලදාම සම්බන්දව හසල දැනුමක් අති පුද්යෙක් , හමුා නිලදරියෙක් මෙකෙ කලමනාකර අද්‍යක තනතුරට පත් කලාම මෙ ව්‍යපාරය කරගෙන යන්න අපහසුවෙන එක ගැන අමුතුවෙන් කියන්න ඔනෙ නැහැ , තෙල් නැති වුනොත් රටම නැවත අවුල් වෙවි , අනේ මෙහෙම අසාර්තක පාලකයො , කනිජ තෙල් ඇමති මහ බුරුවෙක්.

:       0       0

අරවින්ද මොණරවිල Wednesday, 15 February 2023 07:17 AM

රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගියපසු රජයේ ආයතන හෝ රජය සමග ගණුදෙනු කරන පෞද්ගලික ආයාතනවල පවා තනතරු දැරීම තහනම් කළයුතුයි. ඒ නිසා තමයි, වංචා, දූෂණ පමණක් නොව මෙවැනි අපරාධ රටේ බහුලව සිදුවෙන්නේ...

:       0       0

Lalla Wednesday, 15 February 2023 08:24 AM

සංස්ථාවේ කලමණාකාර අධ්‍යක්ෂ කියන්නේ එය පාලනය කිරීමේ තීරණ ගතයුතු පුද්ගලයා.ඔහු එහි ක්‍රියාකාරීත්වය දතයුතු අයෙක්. මේ පැන්ෂන්කාර තගෙක් වූ අසාර්ථක හමුදා ලොක්කෙක්. සංස්ථාව පාලනය ගැන කුමන කතාද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 511 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 690 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 280 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site