IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ

(සුජිත් හේවාජුලිගේ)

හිටපු අමාත්‍යවරුන් ඇතුළු ප්‍රධාන පෙළේ දේශපාලඥයන් සිවු  දෙනකු  රජයේ බංගලා තවමත්  බාරදී නැතැයි අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය පවසයි.

මෙසේ තවමත් බාරදී නැත්තේ හිටපු රාජ්‍ය අමාත්‍යවරයකු වූ අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාටත් හිටපු රාජ්‍ය අමාත්‍ය  මොහාන් පී ද සිල්වා මහතාටත් හිටපු නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාටත් හිටපු විපක්ෂ නායක ආර් සම්පන්දන් මහතාටත් දී තිබූ බංගලාවන්ය.

මොහාන් පී ද සිල්වා මහතා පාවිච්චි කළ බංගලාව හෙට (5) බාරදෙන බව ඔහු දැනුම් දී ඇතැයි අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

හිටපු රාජ්‍ය  අමාත්‍ය අභාවප්‍රාප්ත සනත් නිශාන්ත මහතාට රජය දුන් බංගලාවේ ඔහුගේ බිරිඳ ඇතුළු දරුවන් පදිංචිව සිටින  අතර ඔවුන්ට අවස්ථා  ගණනාවකදීම  සිහිකැඳවීම් කර ඇතත්  ඉන් ඉවත් නොවී  තවමත් රැඳී සිටින බව අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් අමාත්‍යාංශ ලේකම්වරයා සමග සාකච්ඡා කර ඉදිරියේදී සුදුසු ක්‍රියාමාර්ගයක් ගන්නා බවද  හෙතෙම සඳහන් කළේය.

රජය කොළඹ 7 ප්‍රදේශයෙන්  මෙම  බංගලා  ලබාදී අැත



අදහස් (2)

හිටපු දේශපාලකයන් 4ක් රජයේ බංගලා බාරදී නෑ

Yass Tuesday, 05 November 2024 06:25 AM

නීතිය කාටත් පොදුයි පව් දුවයි මොනවාත් නෑ නේ බාර දීලා යන්න තමයි තියෙන්නේ

:       0       0

ලුම්බිණි Tuesday, 05 November 2024 08:58 AM

එලියට ඇදල දාන්න .

:       1       19

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 687 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 328 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site