IMG-LOGO

2025 මැයි මස 05 වන සඳුදා


හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ලබන සතියේ සිට හිටපු ජනපතිවරුන්ගේ පොලිස් ආරක්ෂාව හැර සියලු ත්‍රිවිධ හමුදා ආරක්ෂාව  ඉවත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන් වෙනුවෙන් ඉකුත් මාස එකොළහේදී මහජන මුදලින් රුපියල් මිලියන 1488ක වැය බරක් දරා තිබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. 

අමාත්‍ය ආනන්ද විජේපාල මහතා මෙසේද කීය.

දේශපාලකයන්ගේ කටයුතු වලට මහජන මුදල් අසීමිත ලෙස වියදම් කිරීම මහජන අප්‍රසාදයට හේතු වුණා. ඒ නිසා දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීමට අප කටයුතු කළා.

හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීම ගැන ප්‍රකාශයක් කළ යුතුව තිබෙනවා.

ජනපති හිමිකම් පනත අනුව ප්‍රමාණවත් ආරක්ෂාවක් දෙන ලෙස කියා තිබෙනවා.කොපමණ ආරක්ෂාවක් දිය යුතු යැයි එයින් කියා නැහැ.ආරක්ෂාව ප්‍රමාණවත් නැතැයි කියන්නේ මොන පදනම මතද?

අප කිසිවිටක මතුපිටින් පෙනෙන දේ පදනම් කරගෙන තීරණ ගන්නේ නැහැ. හිටපු ජනපතිවරුන්ගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් තර්ජන පිළිබඳ සැලකීමට ලක් කොට ආරක්ෂාව දෙන ලෙස චිත්‍රසිරි කමිටුව විසින්ද දැනුම් දී තිබෙනවා.

මෙය හිටපු ජනපතිවරුන්ගේ ආරක්ෂාව අඩු කිරීමක් නොව නිසි ඇගයීමකින් පසු අතිරික්ත පිරිස ඉවත් කිරීමයි. මෙය හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා  ඉලක්ක කරගෙන කළ දෙයක් නොවේ.

පොලිසියේ 60ක් හා ත්‍රිවිධ හමුදාවේ 228ක්  මහින්ද රාජපක්ෂ මහතාට සිටිනවා.



අදහස් (6)

හිටපු ජනපතිවරුන්ගේ ත්‍රිවිධ හමුදා ආරක්ෂාව ඉවතට

Lalla Tuesday, 17 December 2024 12:31 PM

ත්‍රිවිධ හමුදාවේ 228ක්. ඒ අය මොනවද කරන්නේ. සේවා මුර මාරු වෙවී කාලය කාදමනවා හැර. අනික ඔවුන්ට ආහාර, ප්‍රවාහන සේවය පැරදුනාට පසුවත් මහජන මුදල් කාදමන මොවුන්ට ඔය කියන තරමට ආරක්ෂාව ඕන නම් හොඳම දේ එක ආරක්ෂිත කඳවුරක් හදලා හිටිය කට්ටිය ඔක්කොම ඒකට කොටු කරන එක.

:       2       18

වික්‍රම විද්‍රර Tuesday, 17 December 2024 01:14 PM

ඇත්තටම ඔයාලට ආරක්ෂාව සපයන්න CID එක පොලිසිය, හමුදා ඔත්තු සේවා ලංකාවේ තියෙනවා. මෙයාලට ආරක්ෂාවට 10ක් හිටියාම හොදටම ඇති. ඕන නම් ලේකම් කෙනෙක් දෙනවා. නැතුව 200-300, 500 ගණන් හිටියම ආරක්ෂාවට අදාළ තොරතුරුත් පිටතට යන්න පුළුවන්.. නිවාඩු අරං මාරුවෙන් මාරුවට වැඩ කරන්න 10ක් හිටියාම වැඩිත් එක්ක.

:       2       17

චින්තක Tuesday, 17 December 2024 02:20 PM

ඉතාමත්ම හොද තීරණයක් , පොලිස් කොස්තාපල් දෙදෙනෙකු, හැර කිසිම වියදමක් මෙයාලගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවන්න එපා.

:       4       20

බකල ජයාTuesday, 17 December 2024 03:28 PM

එතකොට කොහොමද රෙස්පෙක්ට් පේන්න ඒ ආරක්ෂාවට ගෙවන මහජනතාවටම හෝන් ගගහ, පාරෙන් අයින් වෙන්න කියලා අතපය දික්කර කර කර යන්නේ? එහෙම ගියාමනේ වැදගත්කම ප්‍රදර්ශනය වෙන්නේ.

:       1       32

Kamal Koyrala Tuesday, 17 December 2024 04:55 PM

ආරක්ෂාව අවශ්‍ය නම් උද්දික රංගනය අනුකරණය කරන්න.

:       0       0

බකල ජයා Tuesday, 17 December 2024 04:35 PM

ආරක්ෂක තත්ත්වය අනුව තමයි කොච්චර ආරක්ෂාවක් ඕනද කියල තීරණය කරන්න ඕන. සමහර අය ඉන්නවා වේවැලක් දීලා විශ්‍රාම ගිය ග්‍රාමාරක්ෂක බටයෙක් ඇති. නම් කිව්වොත් දාන එකක් නැහැ.

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මැතිවරණ රාජකාරිවලට ආ කතක් මරුට
2025 මැයි මස 05 152 0

පේරාදෙණිය පොලිස් වසමේ ගන්නොරුව කනිෂ්ඨ විද්‍යාලයට මැතිවරණ රාජකාරී සඳහා වාර්තා කළ රාජ්‍ය නිලධාරිනියකට හදිසියේ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් පේරාදෙණ


හෙට ඇරැඹෙන එ.ජා වෙසක් උළෙලේ ප්‍රධාන දෙසුම ජනපතිගෙන්
2025 මැයි මස 05 77 0

වියට්නාම් ජනාධිපති ලුඕං කුඕං (Luong Cuong) මහතාගේ ආරාධනයකට අනුව වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෝ චි මිං නගරයේදී ආරම්භ වන එ


ඡන්දපොළ ඡායාරූප ගැනීම වීඩියෝ කිරීම තහනම්
2025 මැයි මස 05 49 0

ඡන්ද මධ්‍යස්ථාන ඡායාරූප ගැනීම සහ වීඩියෝ ගතකිරීම මෙන්ම ඒවා සාමාජ මාධ්‍ය ජාලාවල ප්‍රදර්හනය කිරීම තහනම් බවත් දුම්පානය සහ මත්ද්‍රව්‍ය පානය කරමින් ඡන්ද ම


ශ්‍රී ලංකාව එක්දින ක්‍රිකට් රටවල් අතර 4 වැනි තැනට
2025 මැයි මස 05 287 0

ශ්‍රී ලංකාව, අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ (අයි.සී.සී.) එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් රටවල් ශ්‍රේණිගත කිරීමේ 4 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.


වැලිකඩ බන්ධනාගාරයේ කාණුවක් රිවෝල්වරයක්
2025 මැයි මස 05 355 0

වැලිකඩ බන්ධනාගාරයේ එල්. වාට්ටුව පිටුපස අපජලය බැස යන කාණුවක් අසල පස් ඉවත් කිරීමේදි 0.38 (විශේෂ) වර්ගයේ රිවෝල්වරයක් හමු වූ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන


දේශබන්දුට ඇති තර්ජන ගැන CID පරීක්ෂණයක්
2025 මැයි මස 05 144 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකොන් මහතා විසින් ආරක්ෂාව ඉල්ලා කළ ඉල්ලීම සම්බන්ධයෙන් ඔහුට ඇති තර්ජන පිළිබදව අපරාධ පරීක්ෂණ දෙපාර්


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 718 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 186 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1225 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site