IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්

(සුජිත් හේවාජුලිගේ)

හිටපු ඇමතිවරුන්  15 දෙනකු පසුගිය කාලයේදී  විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ  විවිධ ගුවන්  යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙම ඇමතිවරුන්  වෙනුවෙන් වෙන්කරනු ලැබ තිබූ ගුවන් ගමන් වාර සංඛ්‍යාව 66කි.

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා ගුවන් ගමන් වාර දහයක්ද හිටපු අමාත්‍ය දයාගමගේ මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය පාටලී චම්පික රණවක  මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය රවී කරුණානායක මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන  මහතා ගුවන් ගමන් වාරයක්ද  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ගුවන් ගමන් වාර තුනක්ද හිටපු අමාත්‍ය අමාත්‍ය එම්.එච්.එම් හලීම්  මහතා ගුවන් ගමන් වාරයක්ද  හිටපු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය අජිත් නිවාඩ්  කබ්බාල් මහතා ගුවන් ගමන් වාර දෙකක්ද  හිටපු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ගුවන් ගමන් වාරයක්ද  හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් පනාන්දු මහතා ගුවන් ගමන් වාරයක්ද හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ගුවන් ගමන් වාර හයක්ද හිටපු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ගුවන් ගමන් වාර විසිපහක්ද හිටපු අමාත්‍ය අලිසබ්‍රි  මහතා ගුවන් ගමන් වාර දෙකක්ද  වශයෙන් ගුවන් ගමන් වාර හැට හයක් මෙසේ යොදාගෙන තිබූ  ගුවන් හමුදාව  ප්‍රකාශ කරයි.

මෙම ඇමතිවරුන් සිය ප්‍රවාහන අවශ්‍යතා සඳහා මෙලෙස ගුවන් හමුදාවේ ගුවන් යානා මෙලෙස යොදාගෙන තිබුණේ  2019 වසරේ සිට 2020 දක්වා කාලයේදීය.

මෙම ගුවන් ගමන් බොහොමයකට මුදල් වැය කර ඇතැයි පැවසෙන්නේ  රජයෙනි

මෙම තොරතුරු සඳහන් වන්නේ  තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනතේ යටතේ කරන ලද ඉල්ලීමකට ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයෙන්  ලැබුණු පිළිතුරු වාර්තාවකය.

මේ අතර 2019 වසරෙන් පසු ගුවන් හමුදාවට වයි 12 ගුවන් යානා දෙකක් මිලදී ගෙන  තිබූ බව  ගුවන් හමුදා මූලස්ථානය පවසයි.

මේ අතර රාජ්‍ය ආයතන  දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාවෙන්  ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක්  අයකර ගැනීමට නොහැකි තත්වයක් උදාවී  ඇතැයිද  පාර්ලිමේන්තුවේදී තොරතුරු අනාවරණයවිය.

එම ආයතන 2003 වසරේ සිට එම සේවාවන් ලබාගෙන තිබිණ.



අදහස් (13)

හිටපු ඇමැති 15 ක් රට ඇතුළේ උඩින් ගිහින්

පිටරටවැසියා Saturday, 21 December 2024 12:50 PM

මේ රොත්තම, මෙපමණ වාර ගණනක් වසර දෙකකදී උඩින් ගියාට, රටත් බංකළොත්, ජනතාවට කඩමන්ඩියට, රෝහලකට යන්න, පාසල් ළමුන්ට පාසලට යන්න බස් එක්කවත් නැති ගම් පළාත් රටේ බොහෝමයි.

:       4       80

වික්‍රම විදුර Saturday, 21 December 2024 01:37 PM

උස කව්ද? මිටි කවුද? කියලා බලලා කම්කරු සිකුරිටි ජොබ් දෙන්න සජියා උඩින් ගිහිල්ලා තියෙන්නෙ.. මේ අයව තියන්න නෙමේ වටින්නේ.. හැතිකරේ...

:       2       55

ජිල්බු Saturday, 21 December 2024 02:06 PM

එක අවුරුද්දකට මෙහෙම නම් බලනු විසිහතර වැඩිකිරීම හැටහය යොදලා. ඔබට තේරුණාද මුන් රට කෑ හැටි මේ කියලා. ටැක්ස් ගෙව්වේ ආණ්ඩුවට සෙත වෙයි කියලා. හොරු ටික පැනගෙන කෑවේ අත දිගහැරලා.

:       1       39

sugath Saturday, 21 December 2024 02:30 PM

රට හදන්ට තියෙන හිදිස්සියටනේ ඔහොම ගුවනින් ගිහින් තියෙන්නේ. පව් අප්පා...!

:       1       33

පිටිගල මිලානෝ Saturday, 21 December 2024 03:17 PM

අනේ කන්ටේනර් දෙවියනේ අඩුම එක්කෙනෙක්ටවත් සලකන්න බැරි වුනේ අපෙන් ඔබට අඩුපාඩුවක් වත් වෙලාද...?

:       0       5

පිටරටවැසියා Saturday, 21 December 2024 03:40 PM

මේ ටික උඩින් යද්දී, මොවුන්ට ආවඩන බත්කන අය තාමත් පයින් ගාටනවා.

:       0       5

Athula Jinadasa Saturday, 21 December 2024 04:03 PM

එක් වරක් සජිත් දයා ගමගේගෙ හෙලිකොප්ටර් එකක ගිහිල්ලා ලොකු ප්‍රසිද්ධියක් දුන්නා. රජයේ මුදල් අවභාවිතා කරන්නේ නෑ කියලා. මෙතන 25ක්...

:       0       10

පොඩිඑකා Saturday, 21 December 2024 05:04 PM

ඉස්කෝල වලට බස් දිදී පුතානෝ උඩිං ගිහිං...

:       0       16

Nandalal de Silva - France Saturday, 21 December 2024 05:09 PM

නාමල් මැදමූලන වලව්වට පහසුවෙන් ගෙන්වා ගන්න නාකි මයිනා අටවා ගත්තා, හම්බන්තොට, ගුවන් යානා නොඑන ගුවන් තොටුපළට අවම වශයෙන් පිනට උඩගිය ගුවන් යානා ටිකවත් ආවා ගියා කියලාවත් මහින්ද සීයාට "සැප" ඇති!!!

:       1       11

Bok Saturday, 21 December 2024 06:52 PM

ජෝන් අමරතුංග 2019දී?

:       0       8

රම්සි Saturday, 21 December 2024 09:48 PM

එයාලා උඩිං ගිහිං, අපිට උඩ යන්න දුන්නා...!

:       0       5

ත්‍රස්ත මාර්ෂල් Sunday, 22 December 2024 08:12 AM

උඩින් ගිය පුතාණෝට, වැඩ වසනා සියලු බූතයින්ගේ පිහිට ලැබේවා...!

:       0       5

[email protected] Sunday, 22 December 2024 10:17 AM

උඩින් යටින් ගිය ඒවා ඔය ... ඉන්නේ නැතිව දැන් වැඩක් කරපල්ලා...

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 600 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 294 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1094 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site