IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


හිටපු ඇමැතිවරු 5 ක් ගැන විමර්ශනයක්

(සුජිත් හේවාජුලිගේ)

බරපතළ මූල්‍ය වංචා මිනීමැරුම් ඇතුළු විවිධ චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන් පස් දෙනෙකු සම්බන්ධයෙන්  විමර්ශන කඩිනම් කිරීමට රජයේ අවධානය යොමුව ඇතැයි වාර්තා වේ.
මෙම පස් දෙනා සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිලි සහ  තොරතුරු වාර්තා පදනම් කරගෙන  විමර්ශන කටයුතු මෙසේ ආරම්භ කෙරෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

මේ අතර අල්ලස් කොමිෂන් සභාව විසින් ඉල්ලා අස්කර ගැනුණු සහ අධිකරණයේදී තාක්ෂණික කරුණු හේතුවෙන් ප්‍රතික්ෂේප වුණු  හිටපු අමාත්‍යවරුන් හා සම්බන්ධ  නඩු කිහිපයක් යළි පැවරීම කෙරෙහිද අදාල නීති අංශ කටයුතු කරමින් සිටින බව එම ආරංචි මාර්ග පැවසීය.

එම නඩු ප්‍රතික්ෂේපවීමට බලපෑ කරුණු පිළිබඳවද මේ දිනවල විශ්ලේෂණය කෙරෙන බව දැනගන්නට ඇත. මේ අතර  මූල්‍ය චෝදනා එල්ල වී ඇති හිටපු අමාත්‍යවරුන්  පිරිසක්  සම්බන්ධයෙන්   විවිධ කණ්ඩායම් මාර්ගයෙන් තොරතුරු සොයා බලාගෙන යන බවද  වාර්තාවේ. තවද පසුගිය වකවානුවේදී සිදුවී ඇති සහ කාලයේ වැලිතලාවෙන් වැසී ගිය  විවිධ මිනීමැරුම් සම්බන්ධයෙන්  යළි විමර්ශන කිරීමටද රජයේ අවධානය යොමුව ඇත.
 



අදහස් (8)

හිටපු ඇමැතිවරු 5 ක් ගැන විමර්ශනයක්

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:15 PM

මෙවැනි අපරාධ සහ දූෂණ අල්ලනවා කියමින්, ෆයිල් සහ සාක්කි අතේ කියාගෙන චන්දේ දිනපු එන් පී පී එකම මේවා පරක්කු කරන බැවින් දිනෙන් දිනම ජනතා අප්‍රසාදයට යමින් පවතී. තවම අල්ලන්න පුළුවන් වුනේ සුළු වාහන අවභාවිතා දෙකක් පමණි. පුළුවන් නම් අල්ලන්න යැයි මැදමුලන චන්ඩි ප්‍රසිද්ධියේ කෑගසයි.

:       29       28

කුමාර Friday, 27 December 2024 04:19 PM

කම්බා හොරු හොරකම් කරන්නේ අහුවෙන්න බලාගෙන නොවෙයි. ඒ නිසා විමර්ශනය කරලා නඩුවක් පවරන්න කාලයක් යනවා. ඉවසීමෙන් බලාගෙන ඉන්න. තවම ඇවිත් මාස දෙකක් වත් නෑනේ...!

:       8       32

පිටිගල මිලානෝ Friday, 27 December 2024 02:21 PM

හොරු අල්ලනවා කියලා ආව අයට වුනේ හොරු ටික එකතු වෙලා ඒගොල්ලන්ගේ උපාධි හොරාව අල්ලලා දුන්න එක විතරයි…

:       22       32

Nimal Friday, 27 December 2024 02:59 PM

පිටිගල නම් හොරු අල්ලනවට විරුද්ධයි වගේ...!

:       3       28

යෝගා Friday, 27 December 2024 03:33 PM

යහපාලන ආණ්ඩුවත් තමන්ගේ නොහැකියාව වහගන්න ඔය වගේ සංදර්ශන කළා. හිස් ෆයිල් තියාගෙන ඔය නටන නාඩගම ප්‍රතික්ෂේප වුණාම නරිවාදම රෙද්ද පල්ලෙන් බේරෙයි..!

:       24       9

කුමාර Friday, 27 December 2024 04:22 PM

හොරා හොරකම් කරන්නේ අහුවෙන්න බලාගෙන නෙවෙයි. ඒ නිසා හරියටම විමර්ශනය කරලා නඩු පවරන්න ඕනෑ. ඒකට කාලය අවශ්‍යයි. තවම ඇවිත් මාස දෙකක්වත් නෑනේ. පොඩ්ඩක් ඉවසලා ඉන්න. වැඩේ හරියටම වෙයි...

:       2       25

Perera Saturday, 28 December 2024 09:12 AM

මොවුන් කවුද කියලා කෙළින්ම කියන්න බැරිනම් ඉඟියකින් හරි කියන්න.

:       0       1

Bunny Preena Saturday, 28 December 2024 09:48 AM

මොන ජරා වැඩක් හරි කරලා සල්ලි හම්බ කළ අයට දැන් එවැනි කටයුතු වලට තියෙන ඉඩ ඇහිරෙන නිසා බොහොම දුකයි. සාධාරණ විදිහට හම්බ කරන්න පුළුවන් වෙන්න...

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site