IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


හිටපු අගමැති බණ්ඩාරනායක ගුණ සැමරෙයි

(එස්.යූ.ඩබ්ලිව්.කේ ජයවර්ධන සහ ඩයනා උදයංගනී)

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නිර්මාතෘ සහ හිටපු අග්‍රාමාත්‍ය දිවංගත එස්.ඩබ්ලිව්.ආර්.ඩී බණ්ඩාරනායක මහතාගේ 63 වන ගුණානුස්මරණ දිනය අදට (26) යෙදී තිබූ අතර, ඒ නිමිත්තෙන් සංවිධානය කළ ප්‍රධාන සැමරුම් උත්සවය හොරගොල්ල, බණ්ඩාරනායක සමාධිය අභියස දී  පැවැත්විණි.

මෙම උත්සවය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, බණ්ඩාරනායක මහතාගේ දියණිවරුන් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, සුනේත්‍රා බණ්ඩාරනායක මහත්මීන් ඇතුළු පවුලේ සාමාජිකයන්, මැති ඇමතිවරුන් ඇතුළු දේශපාලනඥයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.  

මෙම උත්සවය චාම් සහ අභිමානවත් අයුරින් සංවිධානය කර තිබූ අතර, දිවංගත අගමැතිනි සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මියගේ 22 වන ගුණ සමරුව සහ දිවංගත අමාත්‍ය අනුර බණ්ඩාරනායක මහතාගේ 14 වන ගුණ සැමරුම ද මෙහිදී සිදුකෙරිණි.

මෙහි ප්‍රධාන අනුශාසනය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශවයේ අනු නා හිමියෝ පැවැත්වූහ.

වේයන්ගොඩ දඩගමුව රාජමහා විහාරාධිපති මැටිකොටමුල්ලේ ප්‍රේමරතන හිමියන් පිරිස පංචශීලයෙහි පිහිටවූ අතර, බණ්ඩාරනායක මහතාට, මැතිනියට සහ අනුර බණ්ඩාරනායක මහතාට පිං පමුණුවමින් ආගමික වතාවත් මෙහෙයවනු ලැබුබේ සබරගමුව විශ්ව විද්‍යාලයේ කුලපති, මහාචාර්ය කඹුරුගමුවේ වජිර නා හිමියන් විසිනි. නිට්ටඹුව සංඝබෝධි ජාතික පාසලේ සිසු සිසුවියෝ බණ්ඩාරනායක සමරු ගීතය ගායනා කළහ.

හිටපු කතානායක කරු ජයසූරිය, අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍යවරුන් වන රංජිත් සියඹලාපිටිය, ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, කුමාර වෙල්ගම, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පණ්ඩු බණ්ඩාරනායක, ජීවන් කුමාරතුංග, ෆීලික්ස් පෙරේරා යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ. 



අදහස් (3)

හිටපු අගමැති බණ්ඩාරනායක ගුණ සැමරෙයි

විපරමා Monday, 26 September 2022 03:38 PM

සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු.. පංච මහා බලවේගත් එකතුවෙලා ගුණ සමරයිද? සමරන්න තරම් කරපු යමක් ඇත්ද?

:       4       13

බද්රානිMonday, 26 September 2022 08:59 PM

ඕකේ ඉන්න "සඟ, වෙද" කියන දෙගොල්ලෝම දේශපාලනඥයින් එක්ක එකට එකතු වෙලා තමයි මේ රට විනාශ කළේ. රටේ සිංහල රාජ්‍ය භාෂාව කරලා ගේ ඇතුලේ ඉංග්‍රීසිම කතා කළා සුද්දන් වගේ. ඒ කාලේ හැදුණු දේශප්‍රේමී වුණු අය තාම හොඳවෙලා නැහැ ගොඩක් අයට...

:       0       0

chandima Monday, 26 September 2022 09:28 PM

ඔය කවුරුවත්ම විජය රජතුමා, දුටුගැමුණු රජතුමා, පරාක්‍රමබාහු රජතුමා එහෙම සමරන්න හීනෙකින්වත් හිතන්නේ නැහැනේ...? ඒ වුණාට එංගලන්තයේ මහරජ්ජුරුවන් බැහැ දකින්න නම් පැනගෙන යනවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 345 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1005 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site