
(රංජිත් රාජපක්ෂ)
හැටන් කලාප අධ්‍යාපන කාර්යාලයේ පාසලක විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද ස්ථාන මාරු කරදෙන ලෙස ඉල්ලා එම පාසලේ අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ගේ මව්පියන් පිරිසක් හැටන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට ලිඛිතව පැමිණිලි කර ඇත.
වසර 30 ක කාලයක් විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිද එම පාසලේ සේවය කරන බවත්, ඔවුන් දෙදෙනාගේ ක්‍රියාකලාපය හේතුවෙන් එම පාසලට පැමිණෙන ගුරුවරුන් ස්ථාන මාරුවිම් ලබාගෙන යන බව එම ලිපියෙන් කියයි.
විදුහල්පතිවරයාට සහ ඔහුගේ බිරිදට අවනත නොවන ගුරුවරුන්ට ස්ථාන මාරුවිම් ලබාගෙන යන ලෙසට විදුහල්පතිවරයා විසින් බල කරන බව මව්පියන් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂකවරයාට කරන ලද පැමිණිල්ලේ සඳහන්ව ඇතැයි කියැවෙයි.
විදුහල්පතිවරයා සහ ඔහුගේ බිරිදට ස්ථාන මාරුවිම් ලබාදිමට කඩිනමින් පියවර නොගතහොත් එම පාසලේ අධ්‍යාපනය ලබන තම දරුවන් පාසලෙන් ඉවත්කරගෙන වෙනත් පාසල්වලට ඇතුලත් කිරිමට පියවර ගන්නා බව මව්පියන් විසින් එම ලිපියේ වැඩිදුරටත් සදහන් කර ඇත.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1078
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හැටන් විදුහල්පතිවරයකුට මවුපියන්ගේ විරෝධය
Rajadasa Thursday, 04 July 2024 06:03 AM
ගෑනියි මිනිහයි එකම පාසලේ දරුවන්ට පිඩාවක් වෙමින් අවුරුදු තිහකට වැඩි කලක් සිටීම නුසුදුසුයි කියලා දෙමාපියන් පැමිණිලි කර තියෙන්නේ හොරාගේ අම්මාට නේද ලංකාවේ අධ්‍යාපනය සමහර පාසල්වල අසාර්ථක වෙන්න ගුරුවරු ස්ථාන මාරු නොවී සිටීම ප්‍රධාන හේතුවක් වෙනවා
ජයනාත් Thursday, 04 July 2024 06:24 AM
අවුරුදු 30 එකම ස්කොලේ ඉන්න ලංකාවේ එකම කෙනා මෙයා වෙන්න ඇති . ෂුවර් එකටම දේශපාලන හයිය තියෙනවා. වහාම ඔහු දිස්ත්‍රික්කයේ පිටට මාරු කළ යුතුය .
Lalla Thursday, 04 July 2024 08:00 AM
අපි දන්න විදියට එක පාසලක ඉන්න පුලුවන් උපරිම අවුරුදු දහයයි නේද?
kumari post officeThursday, 04 July 2024 10:22 AM
අල්ලස් දුන්නාම එකම ඉස්කෝලේ ඉන්න පුළුවන් . මාත් දන්න එක්කෙනක් එහෙම කිව්වා
Ranidu Thursday, 04 July 2024 11:01 AM
දැන් විදුහල්පතිලා ළමයි ගද්දි විතරක් නෙමෙයි ගුරුවරු ගද්දිත් අල්ලස් ගන්නවාද?