( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත්, ඔහුව මුදාහරින නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 23 සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කළේය.
එම පෙත්සම එල්.ටී.බී දෙහිදෙණිය, ප්‍රීති පද්මන් සූරසේන සහ එස්.තුරේරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවිණි.
එහිදී පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා මහතා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා අත්අඩංගුවට ගැනීමේ මුල් නඩුව අද (16) කොටුව අධිකරණය හමුවේ කැඳවන බවත්, එහිදී ඉදිරිපත් වන කරුණු අනුව මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම තවදුරටත් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් සුදුසු තීරණයක් ගන්නා බව කීය.
සියලු කරුණු සළකා බැලූ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පෙත්සම ලබන 23 වැනිදා සළකා බැලීමට දින නියම කළේය.
නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් නීතීඥ ගෞරී සංගරී තවරාසා මහත්මිය ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ, එහි ස්ථානාධිපති, නීතිපති ඇතුළු 6 දෙනෙකු නම් කරනු ලැබ සිටිති.
සැකපිට අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම නීතිවිරෝධී බවට ප්‍රකාශ කරන ලෙසත් , නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා බැලීමට ඔහුගේ පවුලේ ඥාතීන්ට හා නීතීඥවරයකුට අවසර ලබා දෙන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයි ද මෙම පෙත්සම මගින් ඉල්ලා ඇත.
පෙත්සම්කාර නීතීඥ හිජාස් හිස්බුල්ලා මහතා වෙනුවෙන් ජනාධිපති නීතීඥ ෆායිස් මුස්තාෆා, නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ සහ රජයේ නීතීඥ අවන්ති පෙරේරා යන මහත්ම මහත්මීහු පෙනී සිටියහ.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හිජාස් හිස්බුල්ලාගේ පෙත්සම 23 දා සළකා බලයි