
(ශාන්ත චන්ද්‍රසිරි)
නුවරඑළිය, හග්ගල අති සංවේදී දැඩි ස්වාභාවික රක්ෂිත වනාන්තරය තුළ අද (23) ගින්නක් හට ගෙන ඇතැයි හග්ගල වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය පවසයි.
හග්ගල, හුලංකපොල්ල ප්‍රදේශය ආශ්‍රිත වනාන්තරය මෙම ගිනි ගැනීමට ලක්ව ඇති බවත්, මේ වනවිට එම වනාන්තරය තුල අක්කර 15 කට වැඩි බිම් ප්‍රමාණයක් ගිනි ගැනීමට ලක්ව ඇති බවත් ඔවුහු කියති.
රක්ෂිත වනාන්තරය මැදින් දිවෙන අධි වෝල්ටීතාවයකින් යුත් විදුලි රැහැන් පද්ධතියක් කඩා වැමීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට වනජීවී නිලධාරීහු සැක පල කරයි.
හග්ගල දැඩි ස්වාභාවික රක්ෂිතය යනු ශ්‍රි ලංකාවේ පවතින අධි ආරක්ෂිත වනාන්තර ත්‍රිත්වය අතරින් තෙත් කලාපය තුළ පිහිටි රක්ෂිතයක් වන අතර, මෙහි කඳුකර කොටියන්, කඳුකර ගෝනුන් මෙන්ම අං කටසු වර්ග ඇතුළු මෙරටට පමණක් ආවේණික සත්තව හා ශාක විශේෂ රැසකින් සමන්විත අති සංවේදී පරිසර කලාපයකි.
මේ දිනවල පවතින වියළි හා සුළං සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් ගින්න සීඝ්‍රයෙන් පැතිරී යමින් පවතින අතර, ගින්න නිවා දැමීම සඳහා හග්ගල වනජීවී අඩවි කාර්යාලයේ නිලධාරීන් දැඩි පරිශ්‍රයක නිරතව සිටිති.
2025 දෙසැම්බර් මස 18
472
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හග්ගල රක්ෂිතයේ ගින්නක්