(සුමිත් පොතුපිටිය)
අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුවෙකුගේ මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය වන්නට යටි බඩට පයින් පහරදීමේ සිද්ධිය සම්බන්දයෙන් පාසල් සිසුන් පස්දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පහරකෑමට ලක්වූ සිසුවා ඉගෙනුම ලබන පානදුර ජනප්‍රිය පාසලේම අපොස සාපෙල විභාගයට පෙනීසිටීන සිසුන් පස්දෙනෙකු බව පොලිසිය කීය.
පෙරේදා (02) පානදුර ජනප්‍රිය පාසලක අපොස සාපෙල විභාගයට පෙනීසිටී සිසුවෙකුට තවත් සිසුන් පස් දෙනෙකු පහරදුන් බවට ලද පැමිණිල්ලක් මත සැකකරුවන් අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පහරකෑ සිසුවා පානදුර මූලික රෝහලට ඇතුලත් කර, මුත්‍රා මාර්ගයෙන් රුධිරය වහනය විමක් සිදුව ඇති බවත් රෝහල් ආරංචි මාර්ගවල් සදහන්වේ .
තවදුරටත් පැමිණිල්ල විභාග කිරීම අවශ්‍ය නොවන බවට පැමිණිලිකරු විසින් ඉල්ලා සිටීම හේතුවෙන් අත්අඩංගුවට පත් සිසුන් පස්දෙනා පොලිස් ඇපමත මුදාහැරීය බවද උසස් පොලිස් නිළධාරීයෙක් පැවසීය.
2025 දෙසැම්බර් මස 18
555
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සා පෙළ සිසුවාට පහරදුන් 5ක් අල්ලයි
පැරකුම් Sunday, 04 June 2023 03:10 PM
මොකටද එහෙනම් පැමිණිලි කළේ? විත්ති පාර්ශවයේ අනියම් බලපෑමක්ද? සොයා බැලීම වටී...
ajith Sunday, 04 June 2023 03:16 PM
ඔය තමයි නව පරම්පරාවට හැම දෙයක්ම කුලල් කා ගැනීමෙන් විසඳිය හැකි බවට ආදර්ශයක් දෙන අවර ගනයේ මෙගා ටෙලි නාට්‍යවල ආදර්ශය...
Bunny Preena Monday, 05 June 2023 01:09 PM
පනින වඳුරන්ට ඉනිමන් දැම්මා වගේ. පහරකෑම නිසා අතුරු ප්‍රතිඵල පසු කාලෙකදී විඳිනකොට පැමිණිලිකරුට තේරෙයි සමාව දීලා කරගත්තේ ගොන්කමක් කියලා...