(සුජිත් හේවාජුලිගේ )
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දිවයිනේ වෙරළබඩ ප්‍රදේශ ආවරණය වන පරිදි දිස්ත්‍රික්ක දාහතරක කෝටි 13 කට වැඩි වියදමකින් ස්ථාපනය කෙරුණු සුනාමි සහ සුළි සුළං සඳහා පූර්ව දැනුම් දීමේ කුලුනු 77න් කුලුනු පනස් පහක් අක්‍රියවී පවතින බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන්වේ.
මෙම කුලුනු වෙනුවෙන් 2016 වර්ෂයේ සිට මේ දක්වා පෞද්ගලික ආයතන වෙත රුපියල් කෝටි නවයක්ද නඩත්තු වෙනුවෙන් තවත් මුදලක්ද වැය කර ඇතත් එම කුලුනු ඉදිකිරීමේ අරමුණු ඉෂ්ට වී නැති බවද වාර්තාවේ දැක්වෙයි.
පූර්ව දැනුම් දීමේ කුලුනු වෙනුවට වර්තමානයේ වෙනත් විකල්ප කෙරෙහි අවධානය යොමුවී ඇති බව විගණන නිලධාරින් නිරීක්ෂණය කර ඇත.
එසේම ගංගා ද්‍රෝණි පහක් ආශ්‍රිතව පිහිටුවා ඇති සර් ස්වයංක්‍රීය වැසි මාපක 122කින් පනස් දෙකක් අක්‍රිය වී ඇතැයිද එම වාර්තාවේ දැක්වේ.
තවද ආපදා කළමනාකරණ ආදී තිබූ රුපියල් කෝටි දෙකකට වැඩි වටිනා ආපදා මෙහෙයුම් රථයද රුපියල් ලක්ෂ තිහකට වැඩි ප්‍රදර්ශන රථයද අව්වැසි ආවරණයක් නොමැතිව අනාරක්ෂිතව ගාල් කර තිබූ බව විගණන කාර්යාලය පවසයි.
ජංගම ප්‍රදර්ශන රථය එම අරමුණින් බැහැරව බඩු ප්‍රවාහනය සඳහා යොදාගෙන තිබූ බවද විගණනයේදී තොරතුරු හෙළි වී ඇත.
මෙම තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකාවේ ස්වාභාවික ව්‍යසනවලින් සිදුවන ආපදාවන් කළමනාකරණය සඳහා සම්බන්ධිත ආයතනවල කාර්ය සාධනය පිළිබඳ විගණන වාර්තාවේය.
රටේ ආර්ථිකය තවමත් තිබෙන්නේ අතුරේ යන තත්ත්වයක බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් බව පවසා කොල්ලුපිටිය ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් එක්කෝටි විසිලක්ෂයක මුදලක් සහ එහි තිබූ ඩොලර් 3500 ක මුදල් කොල්
වැටුප් විෂමතා ඇතුළු වෘත්තීය ගැටලු කිහිපයක් මුල් කරගනිමින් සියලුම විශ්වවිද්‍යාල අනධ්‍යන කාර්ය මණ්ඩලය අද (02) දහවල් 12.00 සිට අඛණ්ඩ වෘත්තීය ක්‍රියාමාර්ගයක
පරාටේ නීතිය දෙසැම්බර් 15 දක්වා අත්හිටුවීම සඳහා වූ පනත් කෙටුම්පතට කොන්දේසිවලට යටත්ව මුදල් කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.
මිනුවන්ගොඩ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ ගම් 15 ක මී උණ රෝගය වැළඳීමේ අධි අවදානම් ස්ථාන 65ක් නම් කිරීමට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් පියවර ගෙ
කටුනායක ගුවන් තොටුපොළ තුළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් මෙතෙක් සිදු කළ වීසා නිකුත් කිරීමේ ක්‍රියාපටිපාටිය ඉන්දීය පෞද්ගලික සමාගමකට පැව
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
සුනාමි කුලුනු 77න් 55කම පණ ගිහින්
sam Friday, 19 April 2024 03:18 PM
දේශපාලුවොයි, දූෂිත නිලධාරිනුයි එකතුවෙලා රටට කරන වින්නැහිය.
අහිංසක ජනතාව Friday, 19 April 2024 03:51 PM
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කරන්න පෙර එවැනි කටයුතු කලේ සමාජ සේවා දෙපාර්තමේන්තුව තමයි ඒත් ඉතින් මේ අලුත්ම ආයතනය වුණත් ඒකට ඇවිල්ලා තියෙන්නේ ඊයේ ගෙවී ඉවරයි හෙට තව ලබා නැහැ අද සුමිහිරියි ඉතින් ගෙවුණු කාලය හා අනාගතය බලන්නෙ මොකටද සිතන බඩගෝස්තරවාදීන් පිරිසක් කියලා හිතෙනවා. 1948 සිටම රට පාලනය කරපු දේශපාලුවො තමන්ගෙ කාලය අවසන් වෙලා ගියා රටේ මුදල් යොදාගෙන ඇරඹූ කටයුතු අතරමඟ නැවතුනා ඒවා බලන්න එකෙක් නැහැ රටේ සංවර්ධනය අගාධයකට වැටුනා ඇත්තටම මෙහෙම වෙන්නෙ අදාල අමාත්‍යාංශයේ ඇමැති හා ලේකම් ආදී පිරිසගේ අකාර්යක්ෂමතාවය අනවධානය හා නොසැළකිල්ල මේකට හේතුවක් වෙනවා කොටින්ම කිව්වොත් අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයක් නොකිරීම හා අවබෝධයක් නැති පාලකයො පත්කිරීම මේකට හේතුවක් වෙනවා
Rifan Friday, 19 April 2024 04:03 PM
රටේ සෑම සියළු කේෂ්ත්‍රයකම තත්වය මේක තමයි. වත්මන් පාලකයින්ගෙන් සහ ඔවුන්ට මුක්කු ගහගෙන රාජ්‍ය දේපල සූරාකන නිලධාරීන්ගෙන් මීට වඩා යමක් බලාපොරොත්තු වෙන්නත් බැහැ.
ගමේ එකාලා Saturday, 20 April 2024 04:26 PM
අපේ රටේ දූෂිත දේශපාලුවන් සහ ඔවුන්ගේ අඩි පාරේ යන අය වැඩක් කෙරුවොත් ආයේ කියන්න දෙයක් නැහැ.