(අංජුල මහික වීරරත්න)
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශයක් දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි විට ඔහු අත්අඩංගුවට ගෙන දින 14ක් රිමාන්ඩ් බන්ධනාගාර ගත කරන බවට සුදත්ත තිලකසිරි නැමැති පුද්ගලයකු යූටියුබ් හරහා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන්නැයි එක්සත් ජාතික පක්ෂයේ නීතිඥයෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (22) පැමිණිල්ලක් ඉදිරිපත් කළහ.
හිටපු ජනාධිපතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශය ලබා ගැනීමටත් පෙර මෙම පුද්ගලයා තීන්දුව හරියටම ප්‍රකාශ කරන්නේ කෙසේදැයි විමර්ශනය කරන ලෙස එජාප නීතිඥයන් කළ පැමිණිල්ලේ සඳහන්ය.
අදාළ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු මාධ්‍යයට අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ නීති අංශයේ නීතිඥ නලින් පතිරණ මහතා පැවසූයේ අධිකරණයෙන් දීමට නියමිතව තිබෙන තීන්දුවක් අදාළ ප්‍රකාශය කළ තැනැත්තා විසින් කලින් ප්‍රකාශ කරන්නේ නම් ඔහුට විනිසුරුවන් සමග හෝ අධිකරණ නිලධාරීන් සමග සෘජු සම්බන්ධතාවයක් තිබිය හැකි යැයි සාධාරණ සැකයක් ඇතිවන බවයි.මෙය අධිකරණයේ ස්වාධීනත්වයට බරපතළ තර්ජනයක් බවද නලින් පතිරණ මහතා කීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අත්අඩංගුවට ගන්නා තැනැත්තෙකුට ඇප දෙනවාද?රිමාන්ඩ් කරනවාද? කියා තීරණය කරන්නේ අධිකරණය බවත් එම තීරක අයිතිය යුටියුබ් කරුවකු පවරා ගැනීම සුළුවෙන් සැලකිය යුතු දෙයක් නොවන්න නොවන බවත් නීතීඥ නලින් පතිරණ මහතා සඳහන් කළේය.
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ
සුදත්තගේ යූටියුබ් තීන්දුව ගැන සී.අයි.ඩීයට පැමිණිල්ලක්
Wanniarachchi Saturday, 23 August 2025 09:12 AM
තේරුමක් නැහැ. ඔය පැමිණිලි විභාග වෙන්නේ අලුත් ආණ්ඩුවක් ආවොත් විතරයි...
prasanna Saturday, 23 August 2025 10:31 AM
මෙයා තමයි සී.අයි.ඩී. සහ අධිකරණයේ ලොක්කා.
Rata Perata Saturday, 23 August 2025 11:23 AM
අපේ රටේ සමාජ මාධ්‍ය අනිවාර්යයෙන්ම නිමානය කළ යුතුයි. ජනමාධ්‍ය පිළිබඳ ඩිප්ලෝමාවත් නැතිනම් මාධ්‍ය සහතික නොදිය යුතුයි. පක්ෂපාතී මාධ්‍ය භාවිතය දුෂ්ඨ දේශපාලුවන්ටත් එහා ගිය අශිෂ්ඨ ක්‍රියාවකි.
fairoos Saturday, 23 August 2025 12:08 PM
හොඳ වැඩේ...
Neel Saturday, 23 August 2025 12:17 PM
සුදන්ත මෝඩකම තිබුනට ප්‍රදර්ශනය කරන්න එපා. ජනතාව තුළ තිබෙන නිතීය පිළිබද විස්වාසය නැවත වරක් බිඳවැටීමට පුළුවන්ය.
කළුමල්ලි Saturday, 23 August 2025 12:43 PM
තමන්ගේ ප්‍රමාණය දැනගෙන හැසිරුණා නම් හොඳයි සුදා ... ඇඟිල්ලේ තරමට ඉදීමෙන්න ඕනේ..
Mr Don Saturday, 23 August 2025 01:55 PM
හොඳ වැඩේ ... සුදාට...