
(අංජුල මහික වීරරත්න)
සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන "අලුත් රටක්" ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන්න බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය නත්තල් දින පණිවිඩයෙන් පවසයි.
අග්‍රාමාත්‍යවරිය මෙසේද කියයි.
දෙසැම්බර් මාසය උදා වත්ම කිතුනු බැතිමත්හු අසිරිමත් නත්තල සැමරීමට සැරසෙති. සාමයේ පණිවිඩය රැගෙන ජේසු බිළිඳා උපත ලැබූ පුවත බෙත්ලෙහෙම් පුරයෙන් ලොවට ඇසුණු ඒ නත්තල, ප්‍රීතියෙන් සැමරීම කිතුනුවන්ගේ අභිලාෂයයි.
නමුත් මෙවර සීතල දෙසැම්බරය උදාවූයේ වෙනදා තරම් ප්‍රීතියකින් හෝ උද්‍යෝගයකින් නොවේ. මුළු මහත් රටම කම්පා කරමින් ඇති වූ ස්වභාවික ව්‍යසනයෙන් විපතට පත්වූ දහස් ගණනක් වූ අපේම සහෝදර ජනතාවගේ දුක් වේදනා හා සෝ සුසුම් මධ්‍යයේය.
එහෙත් නත්තලේ සැබෑ අරුත පෙරදැරිව, ජේසුස් වහන්සේගේ මඟපෙන්වීම් අනුව, අපේ රටේ ජනතාව සියලු භේද දුරලා එකාවන්ව සමගිය හා සාමූහිකත්වය පෙරදැරිව විපතට පත් තම සහෝදර ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වූයේ ආදරය, සහකම්පනය මෙන්ම ජේසුස් වහන්සේ දේශනා කළ 'අනෙකාට ප්‍රේම කිරීමේ' උතුම් ධර්මතාව ලොවටම පෙන්වා දෙමිනි.
රට යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා සියලු ජන කොටස් ඒකායන පරමාර්ථයකින් සහ සාමූහික වගකීමකින් දේශයේ අනාගතය වෙනුවෙන් එකමුතු විය යුතු අවස්ථාවකට අප දැන් එළැඹ ඇත්තෙමු. සැබෑ වෙනසක් බලාපොරොත්තු වූ ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ අපේක්ෂාවන් කිසිදු අයුරකින් කඩ වීමට ඉඩ නොතබා, ඔවුන් අපේක්ෂා කරන "අලුත් රටක්" ගොඩනැගීමේ ඒකායන අරමුණ වෙනුවෙන් අපි නිරන්තරයෙන් වෙහෙසෙන්නෙමු.
වඩා යහපත් හෙට දවසක් උදෙසා වන අප සැමගේ සිහිනය වෙනුවෙන් පුරවැසියන් ලෙස එකමුතුව, ආදරයෙන්, සහකම්පනයෙන් මෙන්ම වගකීම් සහගතව කටයුතු කිරීමට මේ නත්තල් දිනයේ අපි සැම අධිෂ්ඨාන කර ගනිමු.
ලංකාවාසී සහ ලෝකවාසී සමස්ත කිතුනු බැතිමතුන්ට සුබ නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමි!
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සැබෑ වෙනසේ බලාපොරොත්තුව කවදාවත් කඩන්නේ නෑ