IMG-LOGO

2025 ඔක්තෝබර් මස 22 වන බදාදා


සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම කළමනාකරණය නොකළොත් ගැටලු රැසක්

(මුදිතා දයානන්ද)

රෝහල්වල හා සෞඛ්‍යය ආයතනවල සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම නිසි පරිදි කළමනාකරණය නොකළ හොත් ඉදිරියේ දී බරපතල ප්‍රතිවිපාක වලට මුහුණ දෙන්නට සිදුවනු ඇතැයි විගණකාධිපති දෙපාර්තමේන්තුවේ පරිසර විගණන අංශය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

රෝහල් රැසක සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම සම්බන්ධයෙන් බරපතල අඩුපාඩු රැසක් පවතින බවද සියලුම රාජ්‍ය හා පෞද්ගලික රෝහල් ද අනෙකුත් වෛද්‍ය ආයතන ද පරිසර ආරක්ෂක බලපත්‍රය හා උපලේඛනගත අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍රය ලබාගත යුතු බවද විගණකාධිපතිවරයා එමගින් නිර්දේශ කර තිබේ.

විගණනයට යටත් වූ 2018 දෙසැම්බර් 31 වන විට ලියාපදිංචි රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය ආයතන 1521න් පරිසර ආරක්ෂන බලපත්‍රය ලබාගැනීමට ආයතන 328ක් පමණක් අයදුම් කර තිබු අතර එයින් සුදුසුකම් ලබා තිබුණේ ආයතන 181ක් එනම් 12% ක් පමණක් වන බවද එහි සඳහන් වේ.

රේඛිය අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක වන සායන හා ශික්ෂණ රෝහල් 47 අතරින් මෙම බලපත්‍රය ලබාගෙන රෝහල් 13ක් පමණක් බවද අනාවරණය වී තිබේ.

ආසාදිත සෞඛ්‍ය සේවා අපද්‍රව්‍ය, රසායනාගාර රෝපණ. වසංගත රෝග වාට්ටු වලින් ජනිත අපද්‍රව්‍ය, උපකරණ හෝ මිනිස් පටක, භාවිතා කරන ලද මුවහත් උපකරණ, ඉදිකටු, ජෛව විද්‍යාත්මක හා කායිකච්ඡේදක අපද්‍රව්‍ය, පටක, ශරීර අවයව ආදි අපද්‍රව්‍ය කළමනාකරණ බලපත්‍ර යටතේ උපලේඛන ගත කර ඇති අපද්‍රව්‍ය කළමනාකරණ බතපත්‍ර ලබාගෙන තිබෙන්නේ රාජ්‍ය හා පෞද්ගලික වෛද්‍ය ආයතන 50ක් ද මුලික හා ශික්ෂක රෝහල 9ක් ද පමණක් බව එහි සඳහන් වේ.

රිජිවේ ආර්යා ළමා රෝහලේ විගණනයට ලක්වු 2019 ජනාරි 03 වැනිදා වන විටත් නිසි ගබඩා පහසුමක් නොවු අතර සායනික අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් රෝහල් භූමිය තුළ ගොඩ ගසා තිබු බවද එහි දැක්වේ. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ද සායනික අපද්‍රව්‍ය නිසි පරිදි වර්ණගත බහාලුම්වල අසුරා නොතිබූ බවද ඒ නිසා වඩා අන්තරායකාරී අපද්‍රව්‍ය පරිසරයට නිරාවරණය වීමෙන් පරිසරය හා මහජන සෞඛ්‍යය අවදානමකට ලක්කර තිබු බවද එම වාර්තාවේ දැක්වේ.

අක්‍රමවත් ලෙස සායනික අපද්‍රව්‍ය වැළලීම හා රෝහල් පරිශ්‍රය තුළ පිළිස්සීම වැනි අන්තරායකර කටයුතු සිදුව ඇති බවටද අනාවරණය වී තිබේ. කොළඹ ජාතික රෝහලේ දිනකට සායනික අපද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1200ක් පමණ එකතු වන අතර ඒ සඳහා ප්‍රමාණවත් ගබඩා පහසුකම් නැති අතර පවතින ගබඩා ද නිසි ප්‍රමිතියට සකස් කර නැති බවද ගබඩා කාමරයෙන් පිටත ද අන්තරාදායක ලෙස සායනික අපද්‍රව්‍ය ගොඩගසා තිබු බවද එම වාර්තාවේ සඳහන් වේ. 

අපද්‍රව්‍ය ප්‍රතිකර්මය සඳහා වූ ඕස්ට්‍රේලියානු ආධාර ව්‍යාපෘතිය යටතේ ඇමෙරිකානු ඩොලර් 15,023,157ක පිරිවැයක් දරා තිබුණ ද අපේක්ෂික අරමුණ ඵලදායීව ඉටුව  නැති බවද විගණනයේ දී අනාවරණය වී තිබේ. 

2019 දෙසැම්බර් 13 වැනිදා විගණකාධිපති ඩබ්.පි.සි.වික්‍රමරත්න මහතා විසින් මෙම වාර්තාව නිකුත් කර ඇත.



අදහස් (0)

සායනික අපද්‍රව්‍ය බැහැර කිරිම කළමනාකරණය නොකළොත් ගැටලු රැසක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1163 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1168 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 433 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site