IMG-LOGO

2025 නොවැම්බර් මස 24 වන සඳුදා


සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි

                                        

(අංජුල මහික වීරරත්න)

කිසිදු විටක සාම විනිසුරු ක්‍රමය දේශපාලනීකරණය කරන්නේ නැතැයි අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා පැවැසීය.

සාම විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු මිනිස් පලිහ බවට පත් විය යුතු බවද අමාත්‍යවරයා කීය. 

අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර මහතා මේ  බව කීවේ නව සාමදාන විනිශ්චයකාරවරුන් 40 දෙනකු සඳහා පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට අද (24)පෙරවරුවේ අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේදී එක්වෙමිනි.

සාමදාන විනිසුරු පදවිය යනු ශ්‍රී ලංකාවේ ප්‍රජා මට්ටමේ යුක්තිය ඉටුකිරීමේ වැදගත්ම කුළුණු වලින් එකක් ලෙස හඳුන්විය හැකියි. මෙම පත්වීම් ලිපි ලැබෙන විට, ඔබ ඉතා පැහැදිලිව තේරුම් ගත යුතු දෙයක් මම ඔබට කියන්න කැමතියි, ඔබ අද සිදුකරන්නේ තනතුරක් බාර ගැනීම පමණක් නොවේ.

ඔබ ජාතිකමය වශයෙන් සිදුකරන  පරිවර්තනයක වගකිවයුතු කොටස්කාරයකු බවට අද දින සිට පත්වෙනවා. අද සිට ඔබගේ රාජකාරිය තුළ නියෝජනය විය යුත්තේ දේශපාලන පක්ෂපාතිත්වය නොවේ. සම්බන්ධතා නොවේ.ඔබේ පත්වීම නියෝජනය කරන්නේ, කුසලතා, 

අවංකත්වය, මහජන ගෞරවය, විනය සහ කිසිදු පක්ෂග්‍රාහීත්වයෙන් තොරව සේවය  කිරීමට ඇති සූදානමයි යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

 

 



අදහස් (0)

සාමදාන විනිසුරුවන් දූෂණයට එරෙහි පළමු පලිහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 173 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 1030 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site