මාස හයක සීමිත කාල සීමාවක් සඳහා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් පී.එල්.සී. ආයතනයේ ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවසර ලබාදෙමින් ශ්‍රී ලංකා මහ බැංකුව නියෝගයක් නිකුත් කර ඇත.
ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ශ්‍රී ලංකා මහ බැංකුවේ බැංකු නොවන මූල්‍ය ආයතනය ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීමේ හැකියාව අධ්‍යයනය කිරීමේ අරමුණින් 2011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනතේ 31(5)(අ) වන වගන්තිය අනුව මෙම නියෝගය නිකුත් කර තිබේ.
මේ අනුව ඔක්තෝබර් 13 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි මාස හයක කිල සීමාවක් සඳහා මෙම ව්‍යාපාර කටයුතු නැවත ආරම්භ කිරීමට අවස්ථාව සලසා තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබ තිබේ.
මේ අතර ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය ඉහත සඳහන් බැංකු නොවන මූල්‍ය ආයතන ඒකාබද්ධ කිරීම සඳහා වන ප්‍රධාන සැලැස්මට අන්තර්ග්‍රහණය කිරීම සහ සම්බන්ධ කටයුතු හැර වෙනත් කිසිදු ආකාරයක මූල්‍ය ව්‍යාපාර හෝ වෙනත් ව්‍යාපාර කටයුතු කරගෙන යාමට එම ආයතනය වෙත අවසර දී නොමැති බව ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවට දැනුම් දෙයි.
මේ නිසා ස්වර්ණමහල් ෆිනෑන්ෂියල් සර්විසස් පී.එල්.සී. ආයතනය සමඟ පවත්නා ගිවිසුම් බැඳීම්වලට අදාළ පියවීම් හැර එම ආයතනයේ මුදල් තැන්පත් කිරීම හෝ ආයතනය සමඟ වෙනත් කිසිදු ආකාරයකින් ව්‍යාපාර කටයුතු සිදු කිරීමෙන් වළකින ලෙස ද ශ්‍රී ලංකා මහ බැංකුව මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
055
2025 දෙසැම්බර් මස 18
62
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
135
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
934
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ස්වර්ණමහල් ආයතනයේ ව්‍යාපාර කටයුතුවලට තාවකාලික අවසරයක්
Nuwan Wednesday, 13 October 2021 07:22 PM
කොම්පැනියේ සල්ලි ටික පිටරට පටවන්න අවස්ථාවක් ලැබිලා වගේ.?
Sunil Thursday, 14 October 2021 07:24 AM
ජනතාව දහදිය මහන්සියන් සොයාගත් මුදල් තවත් ගසා කන්නද.?