IMG-LOGO

සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

(ඩයනා උදයංගනී)

ගිනිකොණදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව හෙට (21) දිනයේදී ගැඹුරු පීඩන අවපාතයක් සහ සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

මෙම මුහුදු ප්‍රදේශයේ පැවති අඩුපීඩන කලාපය අද (20) උදෑසන වන විට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබූ බවත් එය අද දිනයේදී තවදුරටත් වර්ධනය වෙමින් සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව රතු නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙහි බලපෑමෙන් එම මුහුදු ප්‍රදේශයේ ඉතා තද වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත්, විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් සුළං ඇතිවන බවත් පවසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම අවස්ථාවලදී මුහුදු ප්‍රදේශය ඉතා රළු විය හැකි බව ද පවසයි.

එබැවින් නැවත දැනුම් දෙන තුරු ගිනිකොණදිග සහ නැගෙනහිර බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයන්හි යාත්‍රා කිරීමෙන් වළකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවර හා නාවුක ප්‍රජාවට දැනුම්දීමක් කරයි.

දැනට මෙම මුහුදු ප්‍රදේශයන්හි ධීවර කටයුතුවල නිරතව සිටින පිරිස් වහාම ගොඩබිමට හෝ ආරක්‍ෂිත ස්ථානයක් වෙත පැමිණෙන ලෙස ද එම දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.



අදහස් (1)

සුළි කුණාටුවක් ගැන කාලගුණයෙන් රතු නිවේදනයක්

චන්දන Sunday, 20 March 2022 08:43 PM

අඩුවෙන් තිබුණේ එච්චරයි .

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site