
(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි )
වත්තල හේකිත්ත පාරේ කාමර කුලියට ලබාදෙන නවාතැන්පොළක නාන කාමරයක් තුළ සිහි මුර්ජා වී වැටී සිටි කාන්තාවක් සිහිගන්වා පරික්ෂාකර ප්‍රශ්න කිරීමේදී විදේශ ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු ඇයට ලබා දුන් ටි 56 වර්ගයේ ගිනි අවියක්, උණ්ඩ තොගයක් සහ අයිස්මත්ද්‍රව්‍ය සොයාගැනීමට හැකිවූ බව වත්තල පොලිසිය කියයි.
එම ගිනි අවිය සන්තකයේ තබාගෙන සිටි ඇයගේ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයෙක්ද පොලිස් අඩංගුවට ගෙන ඇත.
එම සැකකාරිය සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය සහ අනියම් පුරුෂයා බව කියන පුද්ගලයා සතුව තබා තිබී ටි 56 වර්ගයේ ගිනි අවියක් සහ එම උණ්ඩ 113 ක් මැගසින් 4 ක්, සොයාගැනීමට හැකිවූ බව පොලිසිය සඳහන් කරයි.
වත්තල හේකිත්ත පාරේ නවාතැන් පොලක් තුළ කාන්තාවක් ගෙල වැලලාගෙන සිටින බවට වත්තල පොලිසියට ලද තොරතුරකට අනුව නිලධාරීන් කණ්ඩායමක් ගොස් පරීක්ෂා කිරීමේදී නවාතැන්පලේ කාමරයක නාන කාමරයක් තුළ සිහි මුර්ජාවී සිටි මෙම කාන්තාව හමු වූ බව පොලිසිය කියයි.
2025 නොවැම්බර් මස 04
765
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2407
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1760
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
සිහි මූර්ජා වී සිටි කත ළඟ උණ්ඩ-ගිනි අවි
Kasun Wednesday, 02 April 2025 12:03 PM
කොමා වෙලා...!