(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩාම එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීමට අද (2) සමත් විය.
සිම්බාබ්වේදී දැන් පැවැත්වෙන ලෝක කුසලාන සුදුසුකම් ලැබීමේ ක්‍රිකට් තරගාවලියේ ‘සුපිරි හය’ වටයේ තරගයක් ඉතිරිව තිබියදී ශ්‍රී ලංකාව අවසන් මහ තරගයට සුදුසුකම් ලැබීම කැපී පෙනේ. මෙම තරගාවලියේ අවසන් මහ තරගයට සුදුසුකම් ලබන කණ්ඩායම් දෙක ඉන්දියවේදී ලබන ඔක්තෝබර් මස 5 වැනිදා ආරම්භ වන එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබයි.
ශ්‍රී ලංකාව මේ වන විට මෙම සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සහභාගි වූ තරග හයම ජය ලබා අපරාජිතව ප්‍රසාද ලකුණු 8 ක් සමගින් ප්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානයේ පසුවෙයි. ‘සුපිරි හය’ වටයේ ශ්‍රී ලංකාව සහභාගි වූ දෙවැනි තරගය ලෙස සිම්බාබ්වේට එරෙහිව බුලවායෝහිදී අද (2) පැවැති තරගයෙන් ද ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 9 ක පහසු ජයක් ලැබූහ. ශ්‍රී ලංකා පිල ලකුණු 166 ක ජයග්‍රාහි ඉලක්කය ඕවර 33.1 කදී කඩුල්ලක් පමණක් දැවී සම්පූර්ණ කිරීමට සමත් විය.
ආරම්භක පිතිකරුවන් වූ පැතුම් නිස්සංක (නොදැවී 101) සහ දිමුත් කරුණාරත්න (30) ලකුණු 103 ක සම්බන්ධතාවක් පවත්වමින් ජයග්‍රහණය පහසු කළහ.
පැතුම් නිස්සංක අනගි ඉනිමක් ක්‍රීඩා කරමින් පන්දු 102 කදී හතරේ පහර 14 ක් සමගින් නොදැවී ලකුණු 101 ක් රැස්කිරීමට සමත් විය.
මහීෂ් තීක්‍ෂණ (25/4) සහ ඩිල්ෂාන් මධුසංක (15/3) දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් සිම්බාබ්වේ පිල ලකුණු 165 කට සීමා කිරීමට සමත් වූහ.
සීන් විලියම්ස් පන්දු 57 කදී හතරේ පහරර 6 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 56 ක් රැස්කරමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්විය.
සිම්බාබ්වේ පිල ඕවර 32.2 කදී සියලු දෙනා දැවී 165 (සීන් විලියම්ස් 56, සීකන්දර් රාසා 31, ඩිල්ෂාන් මධුසංඛ 15/3, මහීෂ් තීක්‍ෂණ 25/4, මතීෂ පතිරණ 18/2) ශ්‍රී ලංකා පිල ඕවර 33.1 කදී කඩුලු 1 ට 169 (පැතුම් නිස්සංක නොදැවී 101, දිමුත් කරුණාරත්න 30, කුසල් මෙන්ඩිස් නොදැවී 25)
දරුවාගේ වකුගඩු සැත්කමට රජයේ සහනාධාර මුදල ගැනීමට අනුමැතිය දීම සඳහා මවකගෙන් ලිංගික අල්ලස් ඉල්ලීමේ චෝදනාවන්ට වරදකරු වු ‘දිවිනැගුම සංවර්ධන නිලධාරි’වරය
මේ මාසය ඇතුළත නියම කරන දිනයකින් පසු ’’තොරොම්බෝල් කඩ’’ පාරේ ධාවනය කරන්න හැකියාවක් ලැබෙනේ නැතැයි ප්‍රවාහන සහ මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන
ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සේවකයින් ලෙස සලකා ඔවුන්ගෙන් රඳවා ගැනීමේ බද්දක් අය කිරීමට දේශීය ආදායම් දෙප
පළාත් පාලන ආයතන තුන්සිය තිස් නවයෙන් සභා දෙසිය හැට හතක බහුතරය ජාතික ජන බලවේගය දිනා ඇති හෙයින් ඒ දෙසිය හැට හතේම බලය පිහිටවන බව සභානායක අමාත්‍ය බිමල් රත්
පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධූරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කර ඇතැයි එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ත්‍රිපුද්ගල කමිටුව හමුවේ ලබන 1
අතවර සිද්ධියකින් පසු කොටහේනේ පහළොස් හැවිරිදි දැරියක මහල් නිවාසයකින් බිමට පැන සියදිවි හානි කර ගැනීමේ සිද්ධිය සම්බන්ධ සංවාදයක් අතරතුරදී ඇතිවූ ගාලගෝට
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සිංහ පැටව් ලෝක කුසලානයට සුදුසුකම් ලබති
pakeer Sunday, 02 July 2023 07:02 PM
ක්‍රිකට් කොහොම තිබුණු රටකටද මේවගේ වුණේ?
ThusithaMonday, 03 July 2023 03:09 AM
බටහිර ඉන්දීය කොදෙව් ටීම් එකටත් ඔය හේතුවම බලපෑවාද?
de silva Sunday, 02 July 2023 10:55 PM
ක්‍රිඩකයන්ට සුභ පතනවව නමුත් අපි සුදුසුකම් ලැබිමෙ වටයට සහභගි වෙන්නෙ 1979 ට පස්සෙ , මෙක ලජ්ජාවක් , අපෙ ක්‍රිකට් විනාශවෙන්න පටන්ගත්තෙ බුකි කරයො සහ ඔවුන්ගෙ ගෝයො ක්‍රිකට් පරිපලනයට පැමිනි දින සිට
Ruhunu Sunday, 02 July 2023 11:40 PM
පැටවු නිසා තමයි ප්‍රස්නෙ
නිහාල් Monday, 03 July 2023 04:47 AM
පළවෙනි වටයෙන්ම ගෙදර...!
Roshan Monday, 03 July 2023 10:23 AM
සිංහ පැටව්? ඒකද කවදාවත්ම නැතුව සුදුසුකම් තරග වලට ගියේ?
Shantha -Qatar Monday, 03 July 2023 10:23 AM
පහු ගිය කතා වලි වැඩක් නැහැ, එහෙනම් වෙස්ට් ඉන්ඩීස් අයින් වෙලාම ගියෙ,, සතුටුයි කොල්ලනෙ , කොහොම හරි world cup එකත් අරන් එන්නම බලන්න.
අහ්මඩ් Monday, 03 July 2023 10:47 AM
ඉස්සර ජාත්‍යන්තර තරගාවලිවලට ඔටෝ සුදුසුකම් ලබන අපි, දැන් ජාත්‍යන්තර තරගාවලියක් සෙල්ලන් කරන්න සුදුසුකම් ලබන්න සිදුවෙලා...
Senaka Monday, 03 July 2023 12:00 PM
ක්‍රිකට් ගහන්න දෙන්නේ අන්තවාදීන්ට විතරක් නම්, ඇයි ලංකාවේ හරක් මෙච්චර මේ සෙල්ලම මත්තේ නැහෙන්නේ...? අඩු ගානේ අන්තවාදයට විරුද්ධව කතා කරන්නවත් හයියක් මේ අයට නෑනේ... ඔහේ කවුරුහරි ගහන එකක් බැනබැන බලන් ඉන්නවා...