
(අංජුල මහික වීරරත්න)
ඉදිරි මාස වලදී සහල් හිඟයකින් තොරව, සාධාරණ මිලට හා අඛණ්ඩව පාරිභෝගික ජනතාවට ලබා දිය යුතු බව ජනාධිපති අනුර දිසානායක මහතා සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් හමුවේ පැවසීය.
ඒ සඳහා ගත යුතු කඩිනම් පියවර පිළිබඳවද ජනාධිපතිවරයා සහල් මෝල් හිමියන් සමඟ සාකච්ඡා කළේය.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡාව ජනාධිපති කාර්යාලයේ දී අද(2)පැවැත්විණි.
සහල් හිඟයකින් තොරව ජනතාව වෙත ලබා දීම වෙනුවෙන් රට තුළ ගබඩා පහසුකම් වැඩි කිරීම සඳහා ගත යුතු පියවර පිළිබඳවද මෙහිදි සාකච්ඡා කෙරිණි.
එමෙන්ම නාඩු සහල්, අගය එකතු කළ නිෂ්පාදන සඳහා යොදා ගැනීම නිසා පරිභෝජනය සඳහා අවශ්‍ය තොග අඩු වීම පිළිබඳවද අවධානය යොමු විය.
පොහොර සහනාධාරය ඵලදායී ලෙස ජාතික නිෂ්පාදනය සඳහා එකතු කිරීම අරමුණු කර ගනිමින් QR කේත ක්‍රමයක් හඳුන්වා දීමටද මෙහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක අවධානය යොමු කළේය.
වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ, ලක් සතොස සභාපති ආචාර්ය සමිත පෙරේරා ඇතුළු නිලධාරීන් සහ කුඩා හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.
2025 දෙසැම්බර් මස 18
626
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
302
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1102
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සහල් හිඟයකින් තොරව අඛණ්ඩව දෙන්න
යෝගා Monday, 02 December 2024 06:43 PM
ඩඩ්ලිට කිව්වට සත පහකට ගනන් ගත්තේ නෑ නේද? ඇයි එයාට ඔච්චර බය? දන්නේ නැති හින්දා අහන්නේ...
MartinMonday, 02 December 2024 07:10 PM
ඩඩ්ලි කියපු කතාව තමයි, මේ රටේ ගොවියෝ වගා කරන්නේ, එක කන්නෙක නාඩු, අනිත් කන්නේ කීරි. මිනිස්සු වගා කිරීමේ රටාව වෙනස් කරන්නේ නැත්තන් ඩඩ්ලි වී මවලා හාල් හදලා දෙන්න ඕනේද? මේ කතාව ආණ්ඩුව මිනිස්සුන්ට පහදලා දීලා, ගොවීන් මිශ්‍ර වගා ක්‍රමේකට උනන්දු කරා නම් කිසි ප්‍රශ්නයක් නෑ නේද?
පැරකුම්Tuesday, 03 December 2024 06:44 AM
Martin, ඔබ හරියට හරි. වෙනත් දියුනු රටවල ගොවීන්ගේ වගා කාලසටහන නියාමනය කරන්නේ රටේ අවශ්‍යතාවය පරිදි විද්‍යාත්මක ක්‍රමවේදයකට රජය මගිනි. ගොවීන්ට හිතුමතේ වගා කිරීමට නිදහසක් නැත. අපි කවදා එතැනට ඒවිද. නව රජය මේ පිළිබද අවධානය යොමු කල යුතුය.
රුවන් Tuesday, 03 December 2024 03:10 PM
ලංකාවේ හාල් හිගයක් එනවා කිව්වේ 2020 ඉදන්, ලංකාවේ කෘෂිකර්මාන්තය තාම ප්‍රාථමිකයි, අල්ලපු රටේ ඉන්දීයාවේ මීට වඩා දියුණුයි. අක්කරකයට ලබා ගන්න අස්වැන්න ලංකාවේ වගේ 150-200% තරම් ඉහළයි. ලංකාවට වඩා කුඩා නෙදර්ලන්තයේ කෘෂිකර්මාන්ත ළගාකර ගත්ත තැන බලන්න. නේපාලයේ වගා කීරිමට ඇති සාරවත් පසත් සීමිතයි, හැබැයි ලංකාවට වඩා ටොන් මිලියන 2-3ක් වැඩිදුර නිෂ්පාදනය කරනවා. වගාකරන බිම් ප්‍රමාණයට වඩා වගාකරන බිම් ප්‍රමාණයෙන් ලබා ගන්න පුළුවන් ධාරිතාව ඉහල දාන්න ඕනේ. අනිත් දේ ලංකාවේ කෘෂිකර්මාන්තයෙන් 25-30% අපතේ යනවා.