(යොහාන් භාසුර)
මෙරට ජනතාව බහුලව පරිභෝජනය කරන සහල් වර්ග දෙක වන නාඩු සහ කැකුළු සහල් ඇතුළුව සියලුම සහල් වර්ගවල දැඩි හිඟයක් පවතින බව පාරිභෝගිකයන් සහ වෙළෙන්දෝ පවසති.
මාස දෙකක පමමණ සිට මෙම හිඟය පැවතුන ද සහල් හිඟය මේ වන විට දැඩි තත්වයකට පත්ව ඇති බවත් සියලුම සහල් වර්ග රජයේ පාලන මිලට වඩා වැඩි මිලට අළෙවි කරන බව ද පාරිභෝගිකයෝ චෝදනා කරති.
රටපුරා ක්‍රියාත්මක සුපිරි වෙළෙඳසැල් ජාලයේ ද දැඩි සහල් හිඟයක්පවතින අතර වෙළෙඳසැල් රැසක මේ වන විට සහල් නොමැත අතර ඇතැම් වෙළෙඳසැල් එක බිල්පතට සහල් වර්ගයක කිලෝ තුනක් පමණක් නිකුත් කරයි.
පිටකොටුව තොග වෙළෙඳපොලේ ද සහල් හිඟය දැඩි වී ඇති බවත් ඔවුන්ට ද මහ පරිමාණ වී මෝල්වලින් සහල් ලැබීම සියයට 60 කින් පමණ අඩු වී ඇති බවත් පිටකොටුව තොග වෙළෙන්දෝ කියති.
රටපුරා ලංකා සතොස බොහෝ අළෙවිසැල්වලින් සියයට 90 ක පමණ සහල් නොමැති බව ද පාරිභෝගිකයෝ පවසති.
සුදු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 250 ත් අතර ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 245 ත් 247 ත් අතර ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 245 ත් 255 ත් අතර ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 260 ත් 265 ත් අතර ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 275 ත් 282 ත් අතර ද, සිල්ලර මිලකට මේ වන විට සිල්ලර වෙළෙන්දෝ අළෙවි කරති.
සිල්ලර වෙළෙන්දන් පවසන්නේ සුදු කැකුළු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, රතු කැකුළු කිලෝවක් රුපියල් 242 කට ද, නාඩු සහල් කිලෝවක් රුපියල් 240 කට ද, සම්බා සහල් කිලෝවක් රුපියල් 255 කට ද, කීරි සම්බා කිලෝවක් රුපියල් 270 කට ද, තොග වෙළෙන්දාගෙන් එසේ නැත්නම් මෝල් හිමියාගෙන් ලැබෙන බවත් එවැනි තත්වයක් යටතේ පාලන මිලට සහල් අළෙවි කළ නොහැකි බවත්ය.
කොළඹින් කිලෝමීටර 50 ක් පමණ දුර ප්‍රදේශකට සහල් කිලෝවක් කඩයට ගෙනඒමට තවත් රුපියල් 5 කට ආසන්න පිරිවැයක් දැරිය යුතු බවත් හේතුවෙන් තවත් රුපියල් 3 ක පමණ ලාභයක් එකතු කර සහල් විකුණීමේදී සියලුම සහල් වර්ග පාලන මිලට එහා ගිය මිලකට අළෙවි කරන බවත් ඔවුහු කීහ.
පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකිණීමෙන් දඩ ගෙවීමට සිදුවේ යැයි බය හේතුවෙන් බොහෝ සිල්ලර වෙළෙදුන් සහල් විකිණීමෙන් ඉවත්ව සිටින බව සිල්ලර වෙළෙන්දෝ වැඩි දුරටත් සඳහන් කරති.
ඉදිරි සති දෙක ඇතුළත සහල් ආනයන කිරීම සඳහා රජය පියවර නොගත් හොත් දැඩි සහල් හිඟයක් ඇති වන බව සමස්ත ලංකා සුළු හා මධ්‍ය පරිමාණ වීමෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පැවසීය.
අම්පාර ගෝනගල මහා විද්‍යාලයේ සහ කෑගල්ල දැදිගම පැරකුම්බා මහා විද්‍යාලයේ සිසුන් හට ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන Vision වැඩසටහනට සහභාග
ජාතික යොවුන් සේනාංකය මගින් පවත්වන පුහුණු පාඨමාලා වලට සම්බන්ධ වී සිටින තරුණ තරුණියන්ට වෘත්තීය මාර්ගෝපදේශය ලබා දෙන දීප ව්‍යාප්ත වැඩමුළු මාලාවේ වයඹ වැඩ
කොළඹ මහනගර සභාවේ බලය පිහිටුවීම සඳහා එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ සමග එකතු වීමට සමගි ජන බලවේගයේ නායකයෙකු අදිමදි කිරීම හේතුවෙන් විප
විජයදාස රාජපක්ෂ මහතාට අපහාසයක් සිදුවන අසත්‍ය, වෛරී සහ ද්වේශ සහත ප්‍රකාශ හා සාකච්ඡා සමාජ මාධ්‍ය ඔස්සේ අන්තර්ජාලයට මුදා හැරීම වළක්වමින් චමුදිත සමරවික
වසර පහළොවකට වැඩි කාලයක් පොලිස් මාධ්‍ය කොට්ඨාශයේ රාජකාරී කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක මහ කුමාර මහතා අද (9) උදෑසන අභාවප්‍රාප්ත විය.
හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මෙහෙයුම් ප්‍රධානියා ලෙස පත් කරනු ලැබ සිටි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සහල් දැඩි හිඟයක්
pj Thursday, 05 December 2024 06:50 AM
පුනරුදය පටන් ගෙන ඇත.
විදුර Thursday, 05 December 2024 07:24 AM
අත්දැකීම් වැඩි අය කරපු හරිය තමා...
බණ්ඩා Thursday, 05 December 2024 08:02 AM
පැතූ වෙනස ලැබී තිබේ. දැන් සැපද? රාජා භාවතු ධම්මිකෝ. සියලු සත්වයෝ සුවපත් වෙත්වා. රටට ධර්මිෂ්ඨ පාලකයන් ලැබේවා.
Ratne Thursday, 05 December 2024 08:18 AM
සහල් මෝල් හිමියන්ගේ මගඩි වැඩ මේවා. ප්‍රසම්පාදන වලට සතොස සහල් ගෙන්වීමේ දී සති කීපයක් යනවා. හිගය පෙන්වලා, ඉක්මනින් පුද්ගලික ආනයනය කරවන්න හදනේ. එතකොට මෝල් හිමියන් මහ ආනයන කරුවන් දෙගොල්ලොම ගොඩ. හැබැයි ගොවීන්ට කෙලවෙනවා.
Kazi Shajahan Thursday, 05 December 2024 08:57 AM
අනුරගේ වැඩ නෑනේ .කට විතරයි
රුවන් Thursday, 05 December 2024 09:05 AM
සහල් අර්බුදයක් එනවා කිව්වේ අසුචී නැවේ සිද්ධියත් එක්කම. මට මතක් විදියට අරගලයට පෙර ඉදන්ම විද්වතුන් උදවිය කිව්වා, ඇහුව්වේ නෑ. ඉන්දියාවේ කොච්චර ප්‍රශ්න ආවත් ආහාර කළමනාකරණ කරනවා. ලංකාවේ එහෙම නෑ.
Gihan Thursday, 05 December 2024 12:55 PM
දැන් සැපද
සිල්වා Thursday, 05 December 2024 02:41 PM
ගොවියාගේ නිෂ්පාදනය වියදම සිට පාරිභෝගිකයා දක්වා ඇති සියලුම වියදම් ගණනය කර බලන විට පාලන මිල කිසිසේත්ම ප්‍රටාවත් වන්නේ නැත. පවතින පාලන මිල ගැසට් කල කාලය සහ අද තත්ත්වය ගැන බලධාරීන් කල්පනා කර බැලිය යුතුය.
ගමේ එකාලා Thursday, 05 December 2024 10:44 PM
මේ උත්සව සමයේ වෙළෙන්දොත් සහල් හිගයක් මවාපාලා වැඩි ගාණකට විකුණන්ඩ හදනවා.