IMG-LOGO

2025 සැප්තැම්බර් මස 12 වන සිකුරාදා


සහරාන්ගේ තවත් සගයින් දෙදෙනෙකු අත්අඩංගුවට

 

(වසන්ත චන්ද්‍රපාල)

රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට  ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ  සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.

මෙම දෙදෙනා   නුවරඑළිය  කඳවුරුවල පුහුණු වී තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවාවේ නිලධාරීන් විසින් තහවුරු කරගන්නා ලදී.

මොහමදු සාහීර් මුහම්මදු අහ්සන් යන අය එක් සැකකරුවෙක් වෙන අතර ඔහු මුරුතගහමුල ගෙලිඔය නුවර පදිංචිකරුවෙකි.

මොහු සහරාන් විසින් නුවරඑළිය පැවැත්වූ පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු අමාරා යන අනුවර්ථ නාමය දී තිබේ.

මොහොමඩ් අවුතාන් අනිස් මොහොමඩ් යන අනෙත් සැකකරු ගාල්ල  පදිංචිකරුවෙකි.

මොහු ද සහාරන් විසින් නුවරඑළිය පැවැත්වු පුහුණු කඳවුරට සහාභාගී වී ඇති අතර පුහුණුවෙන් පසුව අබු සුබේහිර් යන නාමය ඔහුට ලබාදී තිබේ.

අම්පාර රාජ්‍ය බුද්ධි සේවයේ නිලධාරින්ගේ තොරතුරු අනුව මේ වන විට 15 දෙනෙකු අම්පාර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

 



අදහස් (8)

සහරාන්ගේ තවත් සගයින් දෙදෙනෙකු අත්අඩංගුවට

sanju Monday, 19 August 2019 09:41 AM

ඇයි මේ අය අත්අඩංගුවට ගන්නේ? අපරාදෙ බුද්ධි අයගේ කාලය..

:       1       4

AmaraMonday, 19 August 2019 12:32 PM

ආණ්ඩුව සහ රාජ්‍යය අතර වෙනස ඔබට තේරෙන්නේ නැති පාටයි. රටට නිගරු කරන්න එපා.

:       0       0

ගල්කටස් Monday, 19 August 2019 09:55 AM

අැයි තවම ඉවර නැද්ද? ඕකුන් දවසකට දෙන්නා ගානේ අල්ලන්නේ... ඉවරයි කියලා දඟලන්නේ කට්ටිය..

:       0       14

රවින් Monday, 19 August 2019 11:00 AM

මොවුන්ගේ මුහුණු වහගන්න ඉඩ දෙන්න එපා. මුළු රටටම පෙන්නන්න. මොන ක්‍රමයකින් හරි එළියට ආවත් හැමදෙනාම දන්නා නිසා මුන්ගෙන් ආරක්ෂා වෙන්න ජාති කුල බේදයකින් තොරව හැකිවේවි...

:       0       78

Uditha - London Monday, 19 August 2019 11:39 AM

අහවල් එකටද බොලව් මුහුණවල් වහගන්නේ...? සහරාන් කියලා දුන්නේ නැද්ද එඩිතරකම කියන්නේ මොකක්ද කියලා? ගිහින් අපේ හමුදාවේ කොල්ලන්ගෙන් ඉගෙන ගන්න.. එඩිතරකම කියන්නේ මොකක්ද කියලා.. නිකන් තරුණ ජීවිත කාලකන්නි කර ගන්නවා නොදන්නා මගුල් වලට ගිහින්..

:       0       1

jagathwana Monday, 19 August 2019 11:47 AM

සියලු දෙනාටම මරණිය දණ්ඩනය දිය යුතුයි. කවදාහරි මේ අය නිදහස් කළොත් මුන් තමයි ලංකාවේ ISISලා වෙන්නේ...

:       0       60

Mohammed Rizan Monday, 19 August 2019 11:52 AM

බොරුවට අහිංසක මුස්ලිම් ජනතාව අත්අඩංගුවට ගත්තට වැඩක් නැහැ. සජිත් සහ රනිල් මැතිතුමන්ලා දන්නවා අපි වැරදි නැහැ කියලා... එයාලා ඉන්නකම් අපි බය නැහැ.

:       209       1

sharm warn Monday, 19 August 2019 12:19 PM

ඇයි මල්ලි මුහුණ වහගෙන යන්නේ? තව කාගෙන් හැංගෙන්නද හිතාගෙන ඉන්නේ? සහරාන්ගේ පස්සෙන් යනකොට තේරුනේ නැද්ද යන්නේ ස්වර්ගෙට නෙමේ අපායට කියලා?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්



’’අනුර ගෝ ගම පටන් ගත්තා’’
2025 අගෝස්තු මස 26 17877 35

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10690 30

රනිල් අත්අඩංගුවට ගනියි
2025 අගෝස්තු මස 22 10609 45

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 151 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 47 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 743 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site