IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


සිංහබාහු චිත්‍රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා

(ජේ ඒ එල් ජයසිංහ සහ  සරත් කුසුම්සිරි රංණසිංහ)

සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂ සෝමරත්න දිසානායක මහතාගේ ," සිංහබාහූ' සිනමා පටය මහනුවර කටුගස්තොට සිනමා ශාලාවකදී වංචනිකව වීඩියෝ ගත කර අන්තර්ජාලයට මුදාහල බව කියන සැකකරු ලබන 07 වැනිදා තෙක් රිමාන්ඩ් බාරයේ තබන්නැයි මහනුවර ප්‍රධාන මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා නියෝග කළේය.

නීතී විරෝධිව සහ අනවසරයෙන් වීඩීයෝ කර අන්තර්ජාලයට මුදා හැර බුද්ධිමය දේපළ පනත යටතේ වරදක් කළ බවට පරිගණක අපරාධ ඒකකය මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

මෙලෙස රිමාන්ඩ් කරන ලද්දේ ඉසුරුෂාන් බාලසූරිය යන අයෙකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහනුවර පරිගණක ඒකකයට ලද පැමිණිල්ලක් මත එම ඒකකයේ නිලධාරීන් විසින් සැකකරු අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.

 



අදහස් (1)

සිංහබාහු චිත්‍රපටය හොර පාරෙන් ලෝකෙටම යවලා

Lalla Thursday, 25 July 2024 10:19 PM

සිනමා නාට්‍ය සංගීත සංදර්ශන පටන්ගත්ත වෙලාවේ සිටම වීඩියෝ කරන කාලකන්නි නිසා නරඹන්නන්ට හරිම කරදරයි.ඇස්වලට කරදරකාරී තත්ත්වයක්. මේක තහනම් කරන්න බැරි ඇයි.

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 589 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1091 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site