(අංජුල මහික වීරරත්න)
රජය විසින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන ජාතික සංහිඳියා වැඩපිළිවෙල පිළිබඳව පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයන් දැනුවත් කිරීම සඳහා කැඳවා තිබෙන සර්ව පාක්ෂික සමුළුව වර්ජනය කිරීමට සමගි ජනබලවේගය සහ ජාතික ජන බලවේගය පක්ෂ තීරණය කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.
අදාළ සර්ව පාක්ෂික සමුළුව අනිද්දා (26) වැනිදා පස්වරු 5.30 ට ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙයි.
ඒ සඳහා සහභාගී වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ පමණක් නොව ස්වාධීන කණ්ඩායම් වල නායකයන්ට ද ජනාධිපති කාර්යාලය විසින් ආරාධනා කර තිබිණි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ පසුගියදා උතුරු නැගෙනහිර ද්‍රවිඩ නායකයන් හමුවූ අවස්ථාවේ ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙරට ජාතික සංහිඳියා ප්‍රයත්නය ඊළඟ පරපුරට උරුම නොකර විසඳීම තම අරමුණ බවයි.
එසේම ජාතික සංහිඳියා වැඩපිළිවෙල දේශපාලනය වෙනුවෙන් යොදා ගැනීම තම ප්‍රතිපත්තිය නොවන බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය .
පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් එකඟතාව පළ කරන්නේ නම් 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය මුළුමනින්ම වුවත් බලාත්මක කිරීමට තමන් සූදානම් බවද එහිදී ජනාධිපතිවරයා කීය.
2025 දෙසැම්බර් මස 18
454
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
250
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සංහිඳියා සර්ව පාක්ෂික සමුළුව සජබ,ජාජබ වර්ජනය කරයි
City Monday, 24 July 2023 08:27 PM
ඔවුන් කිසි විටෙකත් කිසිදු ගැටළුවක් විසඳීමට ඉදිරිපත් නොවනු ඇත, සාකච්ඡා නොකර ඕනෑම දෙයකට විරුද්ධ වනු ඇත.
Bamunuarachchi Tuesday, 25 July 2023 08:01 AM
රනිල් කොහොමත් රටෙන් 2/5 ප්‍රභාකරන්ට දීමට ISGA පිඹුරුපත සකස්කළා. මහින්ද බලයට පත්වීම නිසා ප්‍රභාකරන් අමුඩේ පිටින් සුන්නත් දූවිලි බවට පත් වුණාට රනිල් දෙමළුන්ට රට පාවා දීම අත්හැර නැහැ. 13 දෙන්න එපා. දුන්නොත් මොවුන් අනාගතේ සියලු බලතල ලබාගෙන වෙනම රටක් පිහිටුවනවා ෂුවර්...!
Kazi Shajahan Tuesday, 25 July 2023 08:41 AM
ඔය එන පොට නම් හරි නැහැ... උතුරේ ඡන්ද රනිල්ට ගන්න වැඩපිළිවෙළක් තමයි.
බිනුර Tuesday, 25 July 2023 04:12 PM
ආයිත් ජෝගිය නටන්න වගෙ යන්නේ.