IMG-LOGO

සංහිඳියා නීති කෙටුම්පත් කිරීම කඩිනම් කරන්න

(අංජුල මහික වීරරත්න)

සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම ක්‍රියාත්මක කිරීමට අදාල නීති කෙටුම්පත් කිරීමේ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදාල අංශවලට උපදෙස් දුන්නේය.

ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන්නේ සංහිඳියාව සඳහා වන ක්‍රියාකාරී සැලැස්ම පිළිබඳ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදීය.

නීති සම්පාදනය, ආයතනික ක්‍රියාකාරකම්, ඉඩම් ගැටලු, සිරකරුවන් නිදහස් කිරීම, බලය විමධ්‍යගත කිරීම යන ප්‍රධාන ක්ෂේත්‍ර පහක් යටතේ ක්‍රියාත්මක කරන ලද වැඩසටහන්වල ප්‍රගතිය මෙහිදී සමාලෝචනය කෙරිණි.

සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසම (TRC) ක්‍රියාත්මක කිරීම, ජාතික ඉඩම් සභාවක් පිහිටුවීම සහ ජාතික ඉඩම් ප්‍රතිපත්තියක් සකස් කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලය වඩාත් ඵලදායී අන්දමින් පවත්වාගෙන යාම, එහි ඩිජිටල්කරණ කටයුතු අවසන් කිරීම සහ මේ දක්වා තොරතුරු අනාවරණය කර ගත නොහැකි අතුරුදන් වූවන් සඳහා නොපැමිණීමේ සහතික නිකුත් කිරීමේ ක්‍රියාවලිය කඩිනම් කිරීම පිළිබඳව ද සාකච්ඡාවට ලක් විය.

එමෙන්ම වන්දි ගෙවීමේ කාර්යාලය ස්ථාපිත කිරීම, ජාතික සමගිය සහ සංහිඳියාව සඳහා වූ කාර්යාලය ස්ථාපිත කිරීම යන කාර්යයන් සම්බන්ධයෙන් දැනට ගෙන යන වැඩපිළිවෙළ ඉදිරි මාස දෙක තුනක කාලයේ අවසන් කර ඒ පිළිබඳ වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා අදාල පාර්ශ්ව වෙත උපදෙස් දුන්නේය.

 



අදහස් (3)

සංහිඳියා නීති කෙටුම්පත් කිරීම කඩිනම් කරන්න

චන්දිම ෆොන්සේකා Saturday, 10 June 2023 10:33 AM

අනේ අපේ රටේ අපිට නිදහසේ ඉන්න දීපල්ලා. ඔබලාගේ දේශපාලන වාසියට දෙමළ ජාතිවාදීන්ගේ ඡන්ද ගන්න කරන මේ විගඩම් හින්දා අපේ දරු මුනුපුරු පරම්පරාවට මහා විනාසේකට මුහුණ දෙන්න වෙන ඒක නම් ස්ථිරයි. අනාගතයේදී රටේ නැති ගිනි ඇවිලෙන විදියට විකාර කරන්නේ නැතුව ඉන්න කාලයක් ඉඳලා මකබෑවිලා පලයල්ලා. අපි ඔබලාට ඕවා කරන්න තියා වෙන මොන මල ඉලව්වකටවත් එක ඡන්දයක් දුන්නේ නැහැ...!

:       2       4

Rata Perata Saturday, 10 June 2023 12:40 PM

කැහි ගෑනි දීලා හොටු ගෑනි ගෙනාවා කියන්නේ මෙන්න මේ වගේ වෙලාවට තමයි. අපි ගෙනාවේ නෑ පිනට පත්වෙච්චි කෙනෙක්... ඉතුරු ටිකත් නැති කරළාම යයි...

:       0       3

Bamunuarachchi Saturday, 10 June 2023 06:02 PM

ඔබලාට බලෙන් සංහිඳියාව ඇති කරන්න බැහැ. සිංහල රටෙන් 2/5ක් ඉල්ලන දෙමළුන් සමග අපිට මොන සංහිදියාවක්‌ද රනිල්...?

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 383 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site