IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක්

(අංජුල මහික වීරරත්න)

පියවර තුනක් ඔස්සේ ජාතික සංහිඳියාව ඇති කිරීම සඳහා කැබිනට් අනු කමිටුවක් පිහිට වූ බව විදේශ අමාත්‍ය අලි සබ්රි මහතා පැවසීය.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කර පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ වල සහය ගෙන සියලු ලාංකිකයන්ට ලැබිය යුතු ගෞරවය දීම සඳහා පුළුල් එකඟතාවයකට පැමිණීම එම කමිටුවේ පළමු පියවර බව කී අමාත්‍යවරයා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන පරිදි ත්‍රස්තවාදය  වැළැක්වීමේ පනත සංශෝධනය කිරීමට පෙර සියලු පාර්ශ්ව සමග සාකච්ඡා කිරීම එම අනු කමිටුවේ දෙවැනි පියවර බව විදේශ කටයුතු අමාත්‍යවරයා කීය.

වගවීමේ ක්‍රියාවලියක් ලෙස දේශීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම අනු කමිටුවේ තුන්වන පියවර බව ද අලි සබ්රි  මහතා සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්ම වන්නේ ජනවාර්ගික සංහිඳියා ක්‍රියාවලියට ප්‍රමුඛත්වය දෙමින් ගැටළු වලට දීර්ඝ කාලීන විසඳුම් ලබාදීම සඳහා ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රතිසංස්කරණය සාක්ෂාත්  කරගැනීම බවද විදේශ කටයුතු අමාත්‍යවරයා සඳහන් කළේය.



අදහස් (7)

සංහිඳියාව ගොඩනඟන්න කැබිනට් අනු කමිටුවක්

දුකා Wednesday, 12 April 2023 01:36 PM

සංහිඳියාව නැති කලෙත් එයාලගෙ පන්තියේ අය. ආයේ ඇති කරන්නෙත් එයාලගේ පන්තියේ අය... පහසුකම් ඔක්කොම ජනතා බදුමුදලින් ලැබෙන නිසා එයාලගේ පංතිය හරිම සංහිඳියාවෙන් ඉන්නේ... පොදු මහ ජනතාවට තමයි වැලේ වැල් නැත්තේ..

:       1       12

kamal Wednesday, 12 April 2023 02:16 PM

මීට කලින් අනිත් වැඩවලට පත්කරපු කැබිනට් අනු කමිටුවලට ගිය වියදමත් ලැබුණු ප්‍රතිඵලත් බලනකොට මේකත් ඒ වගේම සාර්ථක වෙයි කියලා තමයි කියන්න වෙන්නේ...!

:       1       8

දිමුත් Wednesday, 12 April 2023 02:22 PM

එකපාරක් සංහිඳියාව කියාගෙන නටපු ජෝගිය අපි දැක්කා මහත්තයෝ. තව නම් සංහිඳියා අපිට එපා...!

:       3       7

ගමේ එකාලා Wednesday, 12 April 2023 04:32 PM

වැඩකට නැති කමිටු. සංහිඳියාව ඇතිකරන්නෙත්, නැතිකරන්නෙත් දේශපාලුවෝ මිස වෙන කවුරුවත් නෙවෙයි...

:       0       6

Bamunuarachchi Thursday, 13 April 2023 11:23 AM

සංහිඳියාව ගොඩනගන්නේ කා එක්කද? මුසල්මානුවන් එක්ක සංහිඳියාව ඇතිකරන්න නම් කොරානය වෙනස් කර ලියන්න වෙනවා. එසේ කලත් ඉපදිලා ඉන්න මුසල්මානුවන් එක්ක සංහිඳියාවක් ඇතිකර ගන්න බැහැ... අපිට සංහිඳියාවක් ඕනෙත් නැහැ...

:       0       1

Rata Perata Thursday, 13 April 2023 12:14 PM

ඔය එක කමිටුවකින්වත් වැඩක් වෙන්නේ නැහැ... දැක්මක් නැති ජනතාවගෙන් අත්වුණු නායකයෝ එක්ක රටවල් ස්ථාවර කරන්න බෑ. ඔය කුණු බාල්දියටම තව කුණු එකතු කරකර ඉන්නේ නැතිව මොකක් හරි මැතිවරණයක් තියන එක තමයි එකම සහ පළමු පියවර...

:       0       0

Bamunuarachchi Friday, 14 April 2023 06:05 PM

මොකද සංහිඳියාව ගැන දාන අදහස් නැත්තේ? හම්බ සෙට් එකත් එක්ක මොන සන්හිඳියාද? විකාර...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 163 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 654 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1058 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site