IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සිසුවෙක් සිසුවකුට පිහියෙන් ඇනලා

(සනත් ගමගේ)

අඟුණකොලපැලැස්ස වැටිය ප්‍රදේශයේ යාබද නිවෙස් දෙකක පාසල් දරුවන් දෙදෙනකු අතර ඇති වූ දබරයකින් පසු පිහි පහර කෑ අට හැවිරිදි දරුවකු තුවාල ලබා හම්බන්තොට මහ රෝහලට ඇතුලත් කර ඇති බව අඟුණකොළපැලැස්ස පොලිසිය කියයි.

වයස අවුරුදු 8 ක පමණ වන පිහි පහරට ලක් වූ පාසල් දරුවා අඟුණකොළපැලැස්ස මූලික රෝහලට පස්වරුවේ ඇතුල් කිරිමෙන් පසුව හම්බන්තොට මහ රෝහලට මාරුකර යවා ඇති බවද පොලිසිය කියයි.

පිහිපහරවල් එල්ල කළේ යැයි කියන 14 හැවිරිදි පාසල් සිසුවා නිවසින් පිටව ගොස් වස පානය කිරීමෙන් පසුව ඇඹිළිපිටිය මහ රෝහල වෙත රාත්‍රී ඇතුළත් කර ඇති බව වාර්තා වී ඇතැයි අඟුණකොළ පැලැස්ස පොලිස් ස්ථානාධිපති වරයා තහවුරු කලේය.

යාබද නිවෙස් දෙකක සිටි මෙම පාසල් දරුවන් දෙදෙනා එකට සෙල්ලම් කරමින් සිටින අය බවත්, ජංගම දුරකතන මගින් ගේම් ගැසීම සිදු කරන බවත් මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.

තුවාලත් දරුවාගේ මව රෙදි සෝදමින් සිටින අවස්ථාවේ මෙම සිදු වීම සිදු වී ඇති අතර දරුවා කෑගැසීමේ ශබ්දය ඇසි බලන විට දරුවාගේ පපුවේ සහ බෙල්ලේ කැපුම් තුවාල කිහිපයක් තිබෙනු බව දැක වහා ප්‍රදේශවාසීන්ගේ සහාය මත රෝහල් ගත කර ඇත. 

 



අදහස් (7)

සිසුවෙක් සිසුවකුට පිහියෙන් ඇනලා

Bandula Wednesday, 05 June 2024 11:37 PM

ලංකාවේ තරුණ, වැඩිහිටි,ළමා සියළුම පාර්ශවයන් පිස්සු වැටිලා රට විනාසයි.

:       1       43

Ruwan De Silva Thursday, 06 June 2024 08:33 AM

ලංකාවේ ආර්ථික අහේනිය එක්ක ළමයි වුනත් මානසික පීඩනයේ ඉන්නේ, ලංකාව තමයි ලෝකයේ අංක එකට මානසික පීඩනය වැඩිම රට පලස්තීනය, ඇෆ්ගනිස්ථානය තමයි අංක 2, 3. මෙවාට ප්‍රධාන වරදකරු ආණ්ඩුව.

:       29       10

සුරන්ගThursday, 06 June 2024 11:01 AM

හැමදේටම ආර්ථිකය ගාවගන්න එපා, දැන් සමහරුන්ට අතීතයේ මිනීමරපු පක්ෂයකට රට පාලනය කරන්න දෙනකල් ඉවසුමක් නැහැ.

:       4       66

කින්ග් කැකිල්ලෙ Thursday, 06 June 2024 08:43 AM

මේ ජංගම දුරකතන හා එවායේ ගේම් හදන එවුන් වහාම අත්අඩංගුවට ගත යුතුයි. ළමයින්ගේ හා ඔවුන්ගේ අවට පරිසරයේ කිසි අවුලක් නැත. ඔවුන් හැදි ඇත්තේ ඉතාමත් සාමකාමි, කරුණාවත, මයිත්‍රි පරිසරයකය ( කුහුම්බුවෙකුත් වරදක් නොකරන ). කිසිම අර්තික ප්‍රස්නයක් නැති, ඉතා නීරොගිමත් පුරවසියන් වෙසෙන, ආගම හා සංස්කෘතියෙන් සතුට දොරෙ ගලා යන දිවයිනකය. මෙ වැරදි අදහස් ඔලුවට දමා ඇත්තේ විජතීය බටහිර කුමන්ත්‍රණ වලට සම්බන්ධ, දුර්ජණ, එන්ජීඔ වල සල්ලි ලබන ජංගම දුරකතන හා එවායේ ගේම් හදන නරුමයන්ය.

:       30       12

Perera Thursday, 06 June 2024 08:51 AM

පිහියෙන් ඇනපු ළමයාට දේශපාලනයෙන් ඉදිරියට ඉහළටම යන ගති ලක්ෂණ පෙන්නුම් කරනවා

:       1       13

Jayasekara Thursday, 06 June 2024 09:41 AM

දෙදෙනාම දහම් පාසල් යනවානම් "අට පට්ටමට " කියන්න ..හොඳේ

:       16       13

මැක්ස් Thursday, 06 June 2024 10:35 AM

සමහර දරැවන්ටත් දැන් ජවිපෙ ලේ පිපාසිත ආභාෂය ලැබී ඇති බව පෙනේ. ප්‍රශ්න විසඳීමේ අධිකාරි බලයත් ගමට ලැබුණම හරියටම හරි!

:       3       37

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 715 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17942 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 767 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site