
(ෂේන් සෙනෙවිරත්න)
පල්ලෙකැලේ දුම්බර බන්ධනාගාරයේ රක්ෂිත බන්ධනාගාරව සිටි රැඳවියෙකුට ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලා ගොස් ඇති බවට පල්ලෙකැලේ පොලිසියට පැමිණිල්ලක් සිදුකොට තිබේ .
මහනුවර තැන්නේ කුඹුර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මලිත් නිසංසල සංජීව නමැති මෙම සැකකරු 2022 වසරේ නොවැම්බර් මස 26 වැනි දින දී පාසල් සිසුවෙකුට ගිනි තැබීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු බව පොලිසිය කියයි .
එම අවධියේදී මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් ප්‍රවෘත්තියක් වූ එම සිදුවීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුට එරෙහිව පීඩාකාරී පනත යටතේ චෝදනා රැසක් ගොනුකොට රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබුණි .
මහනුවර ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය හැදෑරූ එම සිසුවා එවකට අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සමර්ථ 09 ක් ලබමින් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා සිටියදී එම ඛේදවාචකයට මුහුණ දුනි .
සැකකරු නැවත අත්අඩංගුවට ගැනීම සඳහා සියලු පොලිසිය ඒකාබද්ධව මෙහෙයුම් ආරම්භ කොට තිබේ .
2025 දෙසැම්බර් මස 18
514
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1059
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුවෙක්ට ගිනි තැබු සැකකරු බන්ධනාගාරයෙන් පනියි
kanal Wednesday, 05 June 2024 02:18 PM
මෙවැනි අපතයින්ට දුටු තැන වෙඩි තැබිය යුතුයි...!