(ඉන්දිකා රාමනායක)
පාසල් සිසුන් රවටාගෙන ගොස් ලිංගික අපයෝජන සඳහා යොදාගත් බව කියන ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක පූජකවරයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
කෝටිපතියකු වන සැකකරු උණවටුන ප්‍රදේශයේ පදිංචි (44) පුද්ගලයෙකි.
සැකකරු තම දරුවා රවටා ලිංගික අපයෝජන සඳහා යොදාගෙන ඇති බවටත් සහ ඒවා වීඩියෝ ගත කර ඇති බවට ගාල්ල ප්‍රදේශයේ විදුහල් කීපයක සිසුන්ගේ දෙමාපියන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් මූලස්ථානය පවසයි.
සැකකරු වට්ස්ඇප් සමාජ ජාලය භාවිත කරමින් සිසුන් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව තොරතුරු හෙළි කරගෙන ඇත.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිසුන් කිහිප දෙනෙකුගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් අනතුරුව පෙරේදා (10) සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
සැකකරු මෙම දරුවන් විවිධ ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන් අපයෝජන කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට තොරතුරු අනාවරණය වී ඇත.
සැකකරු ගාල්ල හබරාදූව ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යමින් පුජකයකු වශයෙන් සියලු දෙනාගේ විශ්වාසවන්ත බව දිනාගෙන කිසිවෙකුට සැකයක් නොහිතෙන ආකාරයටම අපචාර කටයුතු හොර රහසේ සිදුකරගෙන ගොස් ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
සැකකරු දරුවන් අපයෝජනයට ලක් කරන වීඩියෝ පට කිහිපයක්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. සැකකරුව ඊයේ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
2025 දෙසැම්බර් මස 18
498
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1055
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සිසුන් අපයෝජනය කළැයි කෝටිපති පූජකවරයෙක් අත්අඩංගුවේ
Lalith M Thursday, 11 August 2022 09:00 PM
දේවාලවල ඉන්නේ කපුවො පූජකයො නොවේ... උන් හොරු. බොරුකාරයෝ....
senaFriday, 12 August 2022 02:19 AM
ජනතාව රවටමින් මුදල් උපයන බොරුකාරයන්.
Kumar (Gulf) Friday, 12 August 2022 01:34 AM
මේ පට්ට හොරෙක්, ඉස්සර මහණවෙලා හිටියා ගිංතොට ගමේ ගෑණු ළමයින්ට වශී දීලා අනාථ කලා, එක ගැණු ළමයෙක් කෝච්චියට පැනලා මැරුනා, ඊට පස්සේ තව බැඳපු ගැහැනියක් අරන් සිවුර දාලා පන්සලෙන් පැනලා ගියා. ඊට පස්සේ කපුවෙක් වුනා මිනිස්සුන්ට කරන්නේම ජරා කොඩිවින
ganegoda Friday, 12 August 2022 09:20 AM
ලෝකයේ හැම රටකම මෙවැනි දේවල් ගැන දැඩි නීති සහ දඬුවම් ක්‍රියාත්මක වෙමින් පැවතුනත් ඇයි අපේ රටේ එහෙම නොවෙන්නේ?
sharm warn Friday, 12 August 2022 11:32 AM
මුලින්ම මේක ලියපු වාර්තාකරුගේ භාෂා ඥානය නම් අන්තිම දුර්වල බව කියන්න ඕන. අනේ කතුතුමනි මෙයාලට සිංහල ටිකක් උගන්වන්නකෝ. දේවාල වල පුජකයන් නැහැ ඉන්නේ කපුවන්. පුජකවරුන්ට මෙයින් කරන්නේ ලොකු අපහාසයක්
ganegoda Friday, 12 August 2022 02:55 PM
ඔය දෙගොල්ලොම බොරුවෙන් වන්චාවෙන් බඩ වඩා ගන්නව එ අතරට මෙවගෙ දූශන හැරෙන්න වෙන දෙයක්නම් අපි දන්නෙ නැහැ ! එ නිසා මෙක ලියපු වාර්තාකරු හරියටම හරි .