IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


සුව සැරියෙන් විසි දහසකට පණ දෙයි

(බිඟුන් මේනක ගමගේ) 
 
1990 සුව සැරිය පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර ව්‍යාපෘතිය හරහා වසර තුනක කාලයේදී ජීවිත විසි දහසකට වඩා බේරාගත හැකි විණි යැයි ආර්ථික ප්‍රතිසංස්කරණ හා පොදු පහසුකම් කැබිනට් නොවන ඇමැති හර්ෂ ද සිල්වා මහතා පැවැසීය.
 
දුරකථන ඇමතුම් දස ලක්ෂ පනස් හත්දහස් පන්සිය එකකට අදාළව ගමන් වාර දෙලක්ෂ දස දහස් විසි තුනක් වෙනුවෙන් මේ යටතේ ගිලන් රථ පිටත් කර ඇතැයි ද හර්ෂ ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළේය.
 
හර්ෂ ද සිල්වා ඇමැතිවරයා මේ බව සඳහන් කළේ 1990 සුව සැරිය ව්‍යාපෘතිය වෙනුවෙන් දුරකථන ඇප් සේවාව හඳුන්වා දෙමින් රාජගිරිය සුවසැරිය මූලස්ථානයේ පැවැත් වූ මාධ්‍ය හමුවක් අමතමිනි.
 
ඉන්දීය රජයේ ඩොලර් මිලියන 7.5 ක මූල්‍ය ප්‍රදානයකින් 2016 ජූලි මාසයේ දී දකුණු පළාතේ නියමු ව්‍යාපෘතියක් හැටියට ආරම්භ කළ සුව සැරිය ගිලන් සේවය යටතේ මේ වනවිට ගිලන් රථ 297 ක් සේවයට යොදා ඇතැයි ද ඇමැතිවරයා කීවේය.
 
හඳුන්වා දෙන නව දුරකථන ඇප් සේවය මගින් සේවාලාභීන්ගේ තොරතුරු ඇමතුම ලබාගන්නා අවස්ථාවේම 1990 සේවයට ලැබෙන නිසා තප්පර 90 ක පමණ කාලයක් ඉතිරි වන්නේ යැයි කී හෙතෙම එය හෘද රෝගීන් වැනි හදිසි ප්‍රතිකාර අත්‍යවශ්‍ය පුද්ගලයන්ගේ ජීවිතාරක්ෂාවට ඉමහත් සහනයක් වනු ඇතැයි අවධාරණය කළේය.

අදාළ ඇප් සේවය භාවිත කරන සේවාලාභින්ගේ නම හා ලිපිනය ඇමතුම ලබාගන්නා අවස්ථාවේදීම 1990 සේවයට වාර්තා වීම ඊට හේතුව යැයි ද හර්ෂ ද සිල්වා ඇමැතිවරයා සඳහන් කළේය.
 
සුව සැරිය ගිලන් රථ සේවාව අනතුරට පත් රෝගියකු කරා ළඟාවීමට ගත වන කාලයේ සාමාන්‍ය බස්නාහිර පළාතේ දී මිනිත්තු 8 ක් ද ඉන් පිටතදී මිනිත්තු 11 තප්පර 25 ක් යැයි ද හර්ෂ ද සිල්වා මහතා කීය.
 
මෙය ඇමෙරිකාව, එංගලන්තය වැනි දියුණු රටවල පූර්ව රෝහල් හදිසි ප්‍රතිකාර සේවාවල තත්ත්වයට ද වඩා ප්‍රගතියක් අත්පත් කරගැනීමක් යැයි ද හර්ෂ ද සිල්වා මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (0)

සුව සැරියෙන් විසි දහසකට පණ දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 427 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16829 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 652 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site