(නිමල කොඩිතුවක්කු)
සෞඛ්‍ය සේවාවේ දියුණුව වෙනුවෙන් රෝගී සත්කාර කටයුතු කඩිනම් කිරීමේ මෙහෙවරක නිරතවන 1990 සුවසැරිය ගිලන් රථ සේවයට වසර හයක් සපුරා ඇත.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාගේ මූලිකත්වයෙන් 2016 ජූලි 28 වනදා 1990 සුවසැරිය ගිලන් රථ සේවය ආරම්භ කෙරිණ.
එහි නියමු ව්‍යාපෘතිය ගිලන් රථ 88 ක් යොදා ගනිමින් බස්නාහිර සහ දකුණු පළාත්වල ආරම්භ කරනු ලැබීය.
ඒ සඳහා ඉන්දියාව යළි නොගෙවිය යුතු ඩොලර් මිලියන 7.55 ක පරිත්යාගයක් සිදුකළේය.
මෙම නියමු ව්‍යාපෘතියේ සාර්ථකත්වය මත මෙම සේවාව දිවයින පුරාම ආරම්භ කිරීම සඳහා ඉන්දියාව යළිත් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 15.2 ක පරිත්යාගයක් සිදුකළේය.
2018 අංක 18 දරණ 1990 සුවසැරිය පදනම පනත මගින් ඇතිකළ සුවසැරිය පදනම මගින් සම්පූර්ණයෙන්ම රජයේ වියදමින් මේ වනවිට පාලනය වේ.
මෙම සේවාව මගින් මේ වනවිට රෝගීන් ලක්ෂ දොළහකට අධික ප්‍රමාණයක් රෝහල් ගතකර ඇත.
සුවසැරිය ගිලන් රථ සේවයට මේ වනවිට ඇමතුම් ලක්ෂ 54 කට අධික ප්‍රමාණයක් ලැබී තිබේ.
සුවසැරිය සභාපති දුමින්ද්‍ර රත්නායක සහ එහි ප්‍රධාන විධායක නිළධාරී සොහාන්ද සිල්වා යන මහත්වරුන් ඇතුලු සුවසැරිය අධ්‍යක්ෂ මණ්ඩලය වසර පහක් තිස්සේ එහි කටයුතු මෙහෙයවනු ලබයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
සුව සැරියට වසර හයයි
Hafeel Friday, 29 July 2022 04:27 PM
මෙම සුව සැරියෙන් විශිෂ්ට සේවාවක් ජනතාවට ඉටු වෙන්නේ... නමුත් උදය ගම්මන්පිලට පමණයි මේ සේවාවෙන් පිටගැස්ම හැදන්නේ....!
SamSaturday, 30 July 2022 06:05 AM
එයා විතරක් නොවෙයි, මේවායින් රැගෙන එන ලෙඩුන්ට GMOA එකේ දොස්තරලා ප්‍රතිකාර කිරීම ප්‍රතික්ශේප කරනවා කියාපු දොස්තර පාදෙණිය, මේවායේ රියදුරන් සහ හෙද නිලධාරීන් ලෙස රෝ ඔත්තුකරුවන් එන බව කියූ විමල් වීරවංශ වගේ අයත් මටනම් මතකයි.