IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


සිව් මසක බිලිඳෙක් දස හැවිරිදි දරුවකුට දී අයෙක් පැනයයි

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

හොරණ ගල්  ඒදඩුගොඩ ප්‍රදේශයේ නිවසකට පැමිණි මත්ද්‍රව්‍යවලට දැඩිව ඇබ්බැහි වූ පුද්ගලයෙක් සිව් මසක කුඩා බිලිඳෙක් දස හැවිරිදි දරුවකු වෙත භාරදී පලාගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලීසිය කියයි

තම පුතු නිවසේ තනිවම සිටි අවස්ථාවේදී කුඩා දරුවෙකු රැගෙන පැමිණි  පුද්ගලයකු  ඔහු ඉක්මනට පැමිණෙන බවට පවසා  තම පුතු වෙත කුඩා බිළිඳෙක් ලබාදී පිටව ගොස් ඇතැයි ද පැය දෙකකට අධික කාලයක් ගත වුවද එම පුද්ගලයා පැමිණ නැතැයි පවසමින් කාන්තාවක් හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා හමුවී අද (11) සවස පවසා තිබූ බව පොලිසිය කියයි

වහා ක්‍රියාත්මක වූ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක එල් ඩි ලියනගේ මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් නිවස වෙත පිටත් කර යවා බිලිදා  පොලිසිය වෙත රැගෙන ඒමට කටයුතු කළ බව පොලිස් නිලධාරිනියක් පැවසුවාය.

හොදින් වැඩී තිබූ බිලිදා ඒ මොහොතේම හොරණ  මූලික රෝහල වෙත යොමු කිරීමට කටයුතු කළ බව එම පොලිස්  නිලධාරිනිය වැඩිදුරටත්  පැවසුවාය

බිලිදා  දස හැවිරිදි දරුවා භාරයේ තබා පලාගිය පුද්ගලයා තදින් මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූවකු බවට තොරතුරු ලැබී ඇතැයි පවසන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් යොදා පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කියයිපානදුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහකාර පොලිස් අධිකාරී උදය  කුමාර  මහත්වරුන්ගේ උපදෙස් මත හොරණ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක පි එස් පනාවල මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා උප පොලිස් පරීක්ෂක ලියනගේ  පොලිස් කොස්තාපල් 15447 ශ්‍රීයන්ත මහත්තුරු පරීක්ෂණ පවත්වයි 



අදහස් (1)

සිව් මසක බිලිඳෙක් දස හැවිරිදි දරුවකුට දී අයෙක් පැනයයි

මහසෙන් Wednesday, 12 July 2023 08:50 AM

රටකට ගිය කලක්. ඇවිත් තියෙන්නේ මෝහිනීගේ මහත්තයා...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site