IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ

සූවස් ඇළේ සිරවුණු මීටර් 400 ක් දිග ‘එවර්ගිවන්’ නෞකාව මුදා ගැනීමට හැකි වී තිබේ.

නැව මුදා ගැනීම සිදුවුණේ මීට සුළු මොහොතකට පෙර යැයි විදෙස් පුවත් සේවා පවසයි.

සූවස් ඇළේ ඉවුරේ ගැටී සිරවුණු නැව ඉවත් කිරීමට වැලි ටොන් 20 කට වැඩි ප‍්‍රමාණයක් බැකෝ යන්ත‍්‍ර යොදා ගනිමින් ඉවත් කෙරුණි.

ඉන්පසු ටග් බෝට්ටු ආධාරයෙන් නැව ඇදීම සහ තල්ලූ කිරීම සිදුවුණු බවත් උදම් රළ හේතුවෙන් නැව පා වී යෑමට සැලැස්වුණු බවත් පැවැසෙයි.

තායිවානයේ ‘එවර්ග්‍රීන්’ නැව් සමාගමට අයත්, පැනමාවේ ලියාපදිංචි ‘එවර්ගිවන්’ නෞකාව, ලොව විශාලතම භාණ්ඩ ප්‍රවාහන නෞකාවලින් එකකි.

‘එවර්ගිවන්’ නෞකාවේ හිමිකරු ජපන් ජාතික කෝටිපතියෙකි. ඔහු ෂෝහෙයි කිසෙන් කයිෂාන්ය.

නෞකාව, රොටර්ඩෑම් බලා යෑම ආරම්භ කර තිබුණේ චීනයේ සිටි භාණ්ඩ පටවා ගෙන මැලේසියාව පසු කරමින්ය. ‘එවර්ගිවන්’ නෞකාවේ වේගය නොට් 22 කි. එය පැයට කිලෝ මීටර් 40 කි.

2018 වසරේ නිෂ්පාදිත, මීටර් 400 ක් දිග, මීටර් 59 ක් පළල, ටොන් 2,00,000 බර, ‘එවර්ගිවන්’ නෞකාව, පසුගිය 23 වැනිදා,  කිලෝ මීටර් 193 ක් දිගින් යුත් සූවස් ඇළට පිවිසියේ, නෙදර්ලන්තයේ රොටර්ඩෑම් නුවර බලා යාත්‍රා කිරීමටය.

සූවස් ඇළේ පළල මීටර් 200 ත් 300 ත් අතරය.

සූවස් ඇළ දිගේ යාත්‍රා කරද්දී, ‘එවර්ගිවන්’ නෞකාව, වැලි කුණාටුවකට හසුවී, පාලනයෙන් ගිලිහී, පැත්තට හැරී, ඉදිරිපස විලි තට්ටුවල ගැටී නතර විය.

නැව පැත්තට හැරී සිරවී නතර වූයේ සූවස් ඇළ හරස් කරමිනි. ඒ අනුව සූවස් ඇළේ නැව් ගමනාගමනය මුළුමනින්ම අඩපණ විය.

නැව මෙසේ අකරතැබ්බකට මුහුණ දුන්නේ, එහි යාන්ත්‍රික දෝෂයක් හටගත් බැවින් යැයි ද පැවැසෙයි.

සිදුවුණේ කුමක්දැයි සොයා බැලීමට විශේෂ විමර්ශනයක් පැවැත්වෙන අතර, මූලික විමර්ශනවලින් තහවුරු වී ඇත්තේ නැව අනතුරට ලක්වූයේ කපිතාන් ඇතුළු කාර්ය මණ්ඩලයේ අත්වැරදීමක් නිසා බවය.

(රොයිටර්)



අදහස් (2)

සූවස් ඇළේ සිරවුණු නැව ඉවත් කෙරේ

mohomed Monday, 29 March 2021 05:55 AM

ලංකාවේ පාලකයෝ මේක පෙන්නලා බඩුමිල වැඩිකරන්න ගියා නම් ඉතින් බඩුමිල වැඩිවෙන එකක් නෑ.

:       0       2

WCA Monday, 29 March 2021 10:41 AM

මේකෙන් වාසිගන්න අපේ පාලකයින් හඬ පටි නිකුත් කරකර හිටියා නේද? දැන් මොකද දන්නෑ කියන්නේ...? මෙහෙමත් පාලකයින් මොකක් හරි වුණොත් බලන්නේ මහජනතාවගේ බඩට ගහන්න..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 700 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17871 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 762 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site